(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීති පද්ධතියක් හදිසි නීතිය ඉවත් කිරීමට පෙර සම්මත කරගත යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී පැවැසීය.
එවැනි නීති පද්ධතියක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇතැයි නීතිපතිවරයා ද දැනුම් දුන් බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යුරෝපා රටවල පවතින නීති ගැනද අධ්‍යයනය කළයුතු බව පැවැසීය.
නීතියක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට මුහුණ දීමට ඇති ව්‍යුහය අද අයි.එස් ත්‍රස්තවාදය නතර කිරීමට සහ ප්‍රතිත්‍රස්තවාදය සඳහා අලුත් ව්‍යුහයක් සකස් කළයුතු බවද සඳහන් කළේය.
අයි.එස් ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය සමයේ තිබූ තොරතුරු ජාලය ප්‍රමාණවත් වන්නේ නැතැයිද සෑම දෙනාගේම තොරතුරු ලබාගෙන දත්ත පද්ධතියක් සකස් කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ගෙදර යන්න , ඔබතුමාගේ පින්තූරය දකින විට මට එජාපයත් එපාවෙනවා.
හැමදාම ඉතින් කටින් බතල හිටවන එක තමයි කරන්නේ. එක වැඩක්වත් හරියට කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි, හොඳට තිබුණු ඒවත්, නරක පැත්තට පෙරළුවා.
සකස් කර කර ඉන්නකෝ ඊළඟ ඡන්දය එනකල්...
අනේ මේ පුංචන් අල්ලන්න ඕනෙම නම් දැනට තියෙන නීති හොඳටම ඇති ... එහෙම කරනවා නම් නිකම් බබා පාර්ට් දාන්න එපා. ඇරියොත් කට එක ඡන්දයක් හරි නැතිවෙන නිසා කටපියා ගන්න. දශක කීයක් පිස්සුබලු පොරයට සම්බන්ධ වෙලා පැරදීමේ ලෝක වාර්තාත් ලංකාවට හිමි කර දීලනේ තියෙන්නේ.. ලැබුණු දෙයක් ඇත්නම් පිනට ලැබුණා හැර වෙන මුකුත් නැහැනේ. ලැජ්ජයි...
මෙයාට යුරෝපා, ජාත්‍යන්තරය හැර වෙන මොකුත්ම නැහැ කතාකරන්න. පවතින නීතිය ඕනෑතරම් ඇති, කාටත් නීතිය පොදුවෙන් ක්‍රයාත්මක වෙනවා නම්... රට මෙච්චර ප්‍රපාතයට ගියේ, නීතිය ආධිපත්‍යය බිඳ වැටුණු නිසා...
ඔහොම සිංගප්පූරුවේ ඉන්න මහ බැංකු හෝරාවත් නීතියේ ඉදිරියට ගේන්න නීතිය සකස් කරන්න...
ඔබතුමා වචනේ දානකොට අපි දන්නවා පොල්පැලේ කන්න තමයි හැරෙන්නේ කියලා..
ලෝකයේ ත්‍රස්තවාදින්ට එරෙහිව තිබෙන තදින්ම ක්‍රියාත්මක වන නිතිය අැත්තේ ඕස්ට්‍රේලියාවේය. ප්‍රංශයේත් ඒ හා සමානම පනතක් තිබේ. මේ අවස්ථාවේ කළයුතු සහ ගතහැකි සියලු නීති ක්‍රියාත්මක කළයුතුව ඇත. එපමණක් නොව මාධ්‍ය ආයතනවලට සහ ඒ සම්බන්ධ ඔවුන් සමග ක්‍රියාත්මක වන "ෆේක් නිවුස්" මීළඟ මැතිවරණයට ප්‍රථම නැවතීමට නීති තිබිය යුතුය. පුද්ගලික මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන "ෆේක් නිව්ස්" සම්බන්ධතාවයන් සහ එම ආයතන සම්බන්ධ නම් ඔවුන්ගේ "ලයිසන්ස්" නැවත දැමිය යුතුය.
සූත්තර පුංචා බයිලා කියනවා..
ප්‍රහාරයෙන් දින 40ක් ගියාට පස්සේ තමයි නීති හදන්න මතක් වෙලා තියෙන්නේ.. අනික තමයි ත්‍රස්තවාදයට මුහුණ දෙන්න එල්.ටී.ටී.ඊ එක තිබුණු කාලේ තොරතුරු ප්‍රමාණවත් නැත්තේ.. හිටපු බුද්ධි අංශ නිලධාරීන් සිරගත කළ නිසා මිසක් වෙන දෙයක් නෙමෙයි. ලෝකේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය පරාද කළ අපේ රණවිරුවන්ට මේ ඉස්ලාම් ත්‍රස්තවාදයත් ගේමක් නෙමෙයි හරියට බලතල ලබාදෙනවා නම්...
අනාගන්න විදිහට තමයි... ගිලින්න වෙන්නේ..!!!
මොනවා කියනවද, මේ වෙලාවේ තමයි ඔය නීතිය සම්මත කරගන්න හොඳම වෙලාව. භාරකර ආණ්ඩුව ගත්තහම කොස් ඇටයක්වත් පුපුරවල කොල්ලෝ, බල්ලෝ ඔක්කොම කුඩුවට දාල ඡන්දෙට යන්න පුළුවනි. මේක නම් මේ වෙලාවේ අත්‍යාවශ්‍ය වැඩක්.
මොකක්ද කියලා සාමාන්‍ය ජනතාවට නම් තේරෙන්නේ නැහැ. මොකද වලව්වක පොල්ගෙඩියක් අහුලගෙන ගිය මිනිසුන් අත්අඩංගුවට ගන්න රටක, ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගන්න තව මොන නීතියක්ද ඕනේ..?
පවුල් ලක්ෂ 6ක් කියන්නේ, එක පවුලක 4 ගැනේ ගත්තොත් ලක්ෂ 24ක්. රටේ ජනගහනයෙන් සියයට 10ක් සහනාදාර ලබන්න ඕන තත්වයට පත් කරලා. ඉතින් රට දියුණු වෙන්නේ කොහොමද? උත්සව තියන්න ඕන සමෘද්ධි සහනාදාර බෙදා දෙන්න නෙවයි. රට දියුණු කරලා සහනාදාර දෙන එක අඩු උනාම.
බොහෝ කාලයක් "ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය" නම් ආයතනය හරහා ඊ මේල් හෝ පුද්ගලික දුරකථන මගින්ම පමණක් "හොටෙල් බුකින් සයිට්ස්" කරගැනීමට සලස්වා තිබූ අවිධිමත් ක්‍රමය නිවැරැදි කොට යළිත් විදේශ සංචාරකයින් සඳහා ඔවුන්ගේ කැමැත්තා පරිදි තෝරාගැනීමට අවස්ථාව ලබාදී තිබේ...
පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය වෙනුවට ඉදිරියේදී රැකියාවක් කළ නොහැකිම පුද්ගලයන්ට හැර එම පවුල්වල සිටින වයස අවුරුදු 50ට අඩු සියලු පුද්ගලයින්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි යම්කිසි පුහුණුවක් ලබාදී රැකියාවක් ලබාදීමට රජයේ අවධානය යොමුකළ මැනවි... ඉදිරියේදී ශ්‍රී ලංකා පුරවැසියන්ට නොමිලයේ දිය යුත්තේ " free education and free health care" පමණි. හැමදේම නිකන් දුන් යුගය අවසාන කිරීමට කාලය එළඹ ඇත. නිකන් දෙන දේවල වටිනාකමක්ද කිසිවකුට තේරෙන්නේ නැත. සිංගප්පූරුවේ මෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි නම්, ලෝකයේ දියුණු රටවල් සමග එක්ව කටයුතු කරන්නේ නම් ලංකාවත් ඉක්මණින්ම දියුණු කළ හැකිව තිබේ. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය පනවා ඇති සංචාරක තහනම ඉවත් කරගැනීමට හැකිනම් අන් රටවල් ඉතාම ඉක්මණින් සංචාරක තහනම ඉවත් කරගැනීම කරනු ඇත...
කවුරුහරි මෙයාට කියන්න එයා මේ රටේ අගමැති, පුරවැසියන් එයාලව පාර්ලිමේන්තු යැව්වේ නීති සම්පාදනයට කියලා සහ එ්ක එයාලගේ ජොබ් එක කියලා...
ප්‍රතිත්‍රස්ත පනත ගෙනැල්ලා ඇතුලේ ඉන්න එල්ටීටීඊ කට්ටියවත් එළියට දාලා අයි.සී.ආර්.සී. එකත් එක්ක යූ.එන්. එකටත් කියලා ඔය ටික ඉක්මණින්ම කරන්න පුළුවන් වේවි... !!!
මෙච්චර කල් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තේ නැද්ද? ඒ කොහොමද? බයිලා දැන් ඇති සර්...
ඔව් ඔව් තව කිය කියා ඇවිදින්න එතකොට ඉතිරි ටිකත් හරියයි....
රට ආපස්සට ගෙනයන උන් සහ මහා බැංකු මංකොල්ල කපු උන් අත්අඩංගුවට ගන්න නීති සැදිය යුතුය
මෙය විහිළු කතා කියනවා. රට ගිනි අරන් තියෙද්දී නීති මදිලු ත්‍රස්තයන් අත්අඩංගුවට ගන්න. ඇයි දැන් ත්‍රස්තයන්ව ඇත අඩංගුවට ගන්නේ නැද්ද?
අර වොක්ස්වැගන් කොම්පැනිය වගේ තියේවි!
ඇයි ඉතින් පර්ලිමෙංතුවේ ඉන්න කට්ටිය එකත්වෙලා සාකච්චා කරලා ඉක්මනින් මේ අලුත් නීති හදන්නේ නැත්තේ?
ඹ්ක හරි විදිහට අපිට ඇහෙන්නෙ මෙහමෙ, ‘‘ත්‍රස්තවාදීන් රැකගන්න නීති පද්ධතියක් සකස්කළ යුතුයි” - අගමැති. ඔන්න ඹ්කයි හරි විදිහ දැං කරන.
ටිකක් තේරුම්ගන්න අමාරුයි මේ කියන දේ. ලංකාවේ පොඩි හොරකමක් කලත් අල්ලන්න පුළුවන් නීතියක් තියෙන රටේ ඇයි මිනීමරුවෝ ත්‍රස්තවාදීන් අල්ලන්න අමුතු නීතියක් අවශ්‍ය?
මහින්දගේ ආණ්ඩුව අල්ලපු එල්ටීටීඊ අය තාමත් හිරකරගෙන ඉන්නේ අලුත් නීතිවලින් නොවෙයි.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතුවී සාකච්ඡා කර ඉතා ඉක්මණින් මේ නීති හැදිය යුතුයි. හැබැයි පිස්සෝ වගේ කෑ-කෝ නොගහ... මොකද කෑ-කෝ ගහනකොට අහගන ඉන්න ජනතාවට ලැජ්ජයි. ඇයි ජනතාවනේ මෙයාලා පත්කලේ.
එතකන් රටින් යන්න දෙන්න එපා.
ඇයි අගමැතිතුමෝ ත්‍රස්තවාදීන් විතරක් අත්අඩංගුවට නීති ගේන්න හදන්නේ.ඇයි? මහාදවල් මහා බැංකුව මංකොල්ල කාපු අයට නීතියක් ගේන්නේ නැද්ද?
ත්‍රස්තවාදීන් කියා කියන්නේ කොහොමද? ලංකාවේ පාරවල් වල වාහනයක් පැදගෙන යද්දී ත්‍රිරෝද රථ ඇඟට එන විදියට.. ළඟ ඉන්න මනුස්සයා කියනවා මොවුන් හරියට ත්‍රස්තවාදීන් වගේ කියලා... පුළුවන් නම් ඒ වගේ පොඩි තැන්වලින් පටන් ගන්න. නැත්නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට තිය අල්ලා ගන්නවා කියන එකත් නිකන් වචන ටිකක් විතරයි...