(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අවුරුදු අටක් තිස්සේ ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ පිළිබඳව ඉක්මණින් සොයා බලා ස්ථිර විදුහල්පතිවරයකු පත්කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමා ගිය සතියේ තර්ස්ටන් විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වූ බවත් එම විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු අවුරුදු අටක් තිස්සේ නැති බව එහිදී දැනගන්නට ලැබුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තර්ස්ටන් විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනපති කියයි
අනුර Monday, 14 January 2019 11:48 AM
ඕක ජනාධිපති කියනකං අදාළ නිලධාරීන්ට පෙනුනෙ නැද්ද?
yaha Monday, 14 January 2019 12:24 PM
අකිල අනිත් පාක්ෂිකයන්ගෙන් පලි ගන්නවා විතරයිද?.... ඔය ලොකු ඉස්කෝලවල ඒකාධිපති වියරුව නැති කරන්න. විදුහල්පති විතරක් නෙමේ ඔය ඉස්කෝල කන විදුහල්පතිට කඩේ යන ගුරු හොරු ටිකක් ඉන්නවා හැම ඉස්කෝලෙම. ඔන්න ඒ අය මාරු කරලා දාන්න. එන එන විදුහල්පති නමම ගන්න දෙවැනි තුන් වැනි පෙළක් ඉන්නවා. ඔන්න ඕකුන්ව මාරු කරන්න. ඒ අය බොහොම භයානකයි...
chandana Monday, 14 January 2019 02:05 PM
ඔය අවුරුදු 8න් 4ක්ම ඔබතුමා නේද ජනාධිපති?
RaveendraMonday, 14 January 2019 04:23 PM
සහතික ඇත්ත. අදාළ ඇමති ඇතුළු නිලදාරීන් යයි කියන අයට එහෙම අඩුපාඩුවක් තියනවා කියලවත් නොදන්නේ මන්ද ?
sirimal Monday, 14 January 2019 02:44 PM
ජනාධිපතිවරයෙකුගේ රස්සාව මොකද්ද? "රටේ කිසිදෙයක් කෙරෙන්නේ නැහැ.. ලිපි ගොනු කිසිදෙයක් මට දෙන්නේ නැහැ. මගේ කන්තෝරුවේ තියෙන්න ඕනෑ ලිපිගොනු සේරම අගමැති උස්සන් ගිහිල්ලා, කරන කිසි වැඩක් ගැන මට කියන්නේ නැහැ.." වගේ ආඩපාලි කියා කියා නහයෙන් අඬන එකද?
Chanak los angeles Monday, 14 January 2019 03:07 PM
අහවලා ආවොත් පැයක්වත් ධුරයේ ඉන්නේ නැහැ කීවා නේද? සමහර දිවිය තලවල පැයක් කියන්නේ මාස ගණනක් වගේලු.. මෙයා ඒ විධියට ගණන් බලලා ධුරයෙන් අයින්වෙන්න ඉන්නවද කොහෙද? මොහු අද එකක් කියා හෙට තවෙකක් කියන කෙනෙක්නේ ...
Sriyal Monday, 14 January 2019 03:32 PM
බොහෝ පාසල් වල ඔය තත්වය තමයි තියෙන්නේ. නාවිකයෙක් නැති නැවක් වගේ ඔහේ යනවා. ඇත්ත තත්වය ඕකයි