IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්‍

(ජයන්ත සමරකෝන්) 

බාල වර්ගයේ ලිහිසි තෙල්  ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත්  මේ නිසා ත්‍රිරෝද රථ ඇතුළු  වාහන විවිධ කාර්මික දෝෂවලට ලක්වන බවත්  දන්වමින්  සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති  සුනිල් ජයවර්ධන මහතා  අද (22) ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
වාහන සේවා ස්ථාන වලින්  ඉවත් කරන  ලද සඵලත්වය  අවසන් වූ තෙල් නැවත පෙරීමට  ලක් කර නියම තත්ත්වයේ  තෙල්වල  පැහැය ගන්වා ගන්වා ඉවත් කරනලද ඇසුරුම්වල පුරවා  සැබෑ නිෂ්පාදන ලෙස මුද්‍රාකර ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කිරීම  ජාවාරම්කරුවන් විසින් රිසි සේ සිදු කරගෙන යන බවද එම ලිපියේ සඳහන්ය.
 
මෙම ව්‍යාජ ලිහිසි තෙල්  බැරලයක් රුපියල් 50,000  ක් වන අතර  පිළිගත්  තෙල්  බැරලයක් රුපියල්   රුපියල් ලක්ෂයක් වන බවද ලීටරයේ ප්‍රමාණයේ බෝතල්වලට  පුරවා ඉන්ධන  පිරවුම්හල්  වාහන අලුත් වැඩියා කරන ස්ථානවල (ගරාජ) හා  වාහන සේවා ස්ථාන (සර්විස් සෙන්ටර්) සඳහා  අලෙවි කරන බවද අනාවරණය කරගෙන ඇත.
 
ලිහිසි තෙල් අනවසරයෙන්  බෙදාහරින්නන් විසින් ප්‍රති ඇසුරුම් කර සිදු කරන මෙම ක්‍රියාවලිය හේතුවෙන්  ත්‍රිරෝද  ගණනාවක්ම ගිනි ගැනීමට ලක් වූ බවද  වාහන  ලක්ෂ ගණනින්   ගාරජවල ගාල් කිරීමට සිදු වනු ඇතැයි ද එම ලිපියේ දන්වා ඇත.
 
මෙවැනි තෙල් බැරල් 15, 000  පමණ රට පුරා  බෙදා හැර ඇති බවද එම ලිපියේ සදහන් වෙයි.



අදහස් (3)

ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්‍

Nuwan Sunday, 22 September 2019 11:59 AM

සල්ලි හොයන්න කරන බොරුවේ උපරිමයට දැන් ලංකාව ළඟාවෙලා තියෙන්නේ... මේවට දඬුවම් දෙන්නේ ස්වභාවදහමයි. ළඟදීම දවසක සුනාමියක් මගින් රටම හෝදලා දායි.

:       0       230

SL Sunday, 22 September 2019 04:37 PM

කොළඹ ලොකු හෝටල්වලින් අයින් කරන පොල්තෙලුත් මේ විදියට අරන් ගිහින් කෑම හදන්න ගන්නවා. සබන් හදන්නත් ගන්නවා. ඇතැම් පී.එච්.අයි. ලා ඒවා නොදැක්කා වගේ ඉන්නවා..

:       0       0

wicky Monday, 23 September 2019 02:06 AM

අඩුවට හොද තෙල් දන්නේ නැතිව, නියම ප්‍රමිතියක් තියෙන තෙල් භාවිත කලානම් හරිනේ. එත් එක්කම ඔය ප්‍රමිතියට හදල එවන සුක්කානම ඒ විදියටම තියා ගත්තනම් සැහෙන්න වටිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31064 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site