( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ.
නාරම්පනාවේ පදිංචි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන මිල්ටන් සෝමරත්න මහතාගේ නිවස පිහිටි ඉඩමේ තිබී මෙම පොසිල කොටස් හමුවී තිබේ . ඔහු මීට වසර 15 කට පමණ පෙර මෙම ඉඩම මිළදීගෙන පදිංචියට පැමිණ ඇත .
ෙවැසිකිළි වල අඩි තුනක් පමණ කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය .
අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේවනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය .
මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකිය . එසේම මෙම අස්ථි කොටස් ඉතා බරෙන්ද යුක්තය .
සෝමරත්න මහතාගේ දැනුම්දීම මත හෙට (10) පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පොසිලය පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මානව අස්ථි නොවේ. හුණුගල් වලම කොටස් වගේ පේන්නේ....
සාරා අසංඛෙයිය කල්ප ලක්ෂයක්, සිද්ධාර්ථ උතුමන් පෙරුම් පුරපු කාලේ එකක් වෙන්න පුළුවන් නේද?
ඔය හම්බවෙන්නේ, රාවණාගේ කාලේ සාධක! වාරියපොළ තිබුනෙත් එච්චර නොවෙයිනේ. ආසියාවේ පරණ කොටස් එහෙමත් හම්බවෙන්න පුළුවනි.
මිල්ටන් මහතාගේ විචක්‍ෂණශීලීභාවය හා නිසි පියවර ගැනීම අගය කරමි. බොහෝ විට නුපුහුණු අයට පොසිල හා සාමාන්‍ය පාෂාණ අතර වෙනස හඳුනා ගැනීම උගහටය.
බැරි වෙලාවකවත් නිදන් වස්තුවක් එහෙම හම්බ උනා නම් දේසපාලුවෝ කරන දේ බලාගන්න තිබුනා.
පරීක්ෂණයක් කරන තුරු නිගමනයකට එන්න බැහැනේ... එතකන් කලබල නොවී ඉන්න.