IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


තෙරපීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)
 
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අද (21) නියෝග කළාය.
 
මෙම මෘත දේහයන් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත ඒවා භාරදීමට ද මෙහිදී මහෙස්ත‍්‍රාත්වරිය මාලිගාවත්ත පොලීසිය වෙත ද නියෝගයක් කළාය.
 
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සදහා අද (21) මහේස්ත‍්‍රාත්වරිය මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාවත ප‍්‍රදේශය වෙත සහ මෘත ශරීර තැන්පත් කර තිබූ මෝචරිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.
 
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය සහ පොලිස් සොකෝ නිලධාරීන් ද සහභාගී වී සිිටියහ.
 
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය අද (21) පස්වරු 3.00 ට පමණ මාලිගාවත්ත ප‍්‍රදේශයෙ එම ස්ථානය වෙත ගියාය.
 
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නැමැති කාන්තාවන් බවද මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.



අදහස් (0)

තෙරපීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site