(ඩයනා උදයංගනී සහ ජේ.ඒ.එල් ජයසිංහ)
‘ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා’ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ මහ මළුවේදී අද (23) පැවැත්විණි.
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්‍ෂණය කරන ලෙස ඉල්ලමින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීම හා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.
ජනාධිපතිවරයා විසින් එය මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හනා සිහර් මහත්මියට භාර දුන්නේය.ත්‍රෛතිකායික මහ නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම ජාතික මහෝත්සවය පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ නිමිත්තෙන් මෙම මස 16 වැනිදා සිට ඊයේ (22) දිනය දක්වා ත්‍රිපිටකාභි වන්දනා සතියක්ද ප්‍රකාශයට පත්කර තිබිණි.
වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුලත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනවාරි 05 වනදා මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී සිදුකෙරිණ.





(ඡායාරූප- ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ "එක්සත් ජාතීන්ගේ සංවිධානය" කියන්නේ ???
ලෝකය කියන දේ අහගෙන ඉන්න වෙයි තව අවුරුදු 20කින්
මම හිතනවා අපේ ප්‍රශ්න ඔක්කොම දැන්වත් විසඳෙයි කියල.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද පරවාද මථනය පිණිස ද, නිර්මල බුදු දහම ලෝක ව්‍යාප්තිය සදහා අනුග්‍රහය පිණිස ද, තථාගත දේශිත ත්‍රිපිටක දහම ලෝක උරුමයක් ලෙස නම් කිරීම අත්‍යන්තයෙන් ම කළ යුතු ම ලෝක ශාසනික මෙහෙයකි. ඒ සදහා කටයුතු කරන සියලු දෙනාට ම ඉමහත් කුසල් අත් පත් වේ. අපිදු ඉතසිතින් එම කුසල -පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙමු. චිරං තිට්ඨතු ලෝකස්මිං- සම්මා සම්බුද්ධ සාසනං~
මෙය ඉතාමත්ම හොඳ පින්කමක්. එයට අපගේ ප්‍රණාමය. ඒත්, මේවා කරන දේශපාලකයන්ද, පුජ්‍ය පක්ෂයද ක්‍රියාවෙන්ද තම බෞද්ධකම ප්‍රදර්ශනය කල යුතුයි. බුද්ධ වචනය අනුව ශාසනය පවතිනුයේද විනය මතය. ඒත්, අද බොහෝ දෙනාගේ විනයක් තිබේද ? රටේ නීතිය හා පාර්ලිමේන්තුවේ මූලික නීතිය වන ව්‍යවස්ථාව කඩන අය සිටින රටකින් හා පාර්ලිමේන්තුවකින් බුදුදහම හරිහැටි රැකේ යයි බලාපොරොත්තුවිය හැකිද ? මේ රටේ බොහෝ දෙනා කරන්නේ සැමට පේන්නට බුදු දහම කරේ තියාගෙන යෑම නොවේද ? නිර්මල බුදු දහම තිබෙන්නේ එහි ප්‍රණීත වූ ධර්ම රසය නුවණින් විඳ සසර කෙටිකර ගැනීමට නොවේද ? එය කරේ තබාගෙන යාමෙන් පමණක් නිවනට යා හැකිද ?
මෙම අදහස ඉතාම වැදගත් . ඊට කලින් දෙයක් තියනවා විශ්ව විද්‍යාලවලින් ධර්ම ධර භික්ෂුන් වහන්සේලා බිහිනොවන අඩුපාඩුවක් ඇති බව පසු ගියදා රුපවාහිනී වැඩ සටහනක සාකච්ඡාවක් මම දැක්කා තවද නිකාය වලට බෙදිලා ඉන්නේ නැතිව එකම බෞද්ධ සංවිධානයකින් පාලනය වන පාලන තන්ත්‍රයක් ඇතිකොට සෑම පන්සලකටම එක සමානවම ආර්ථික පහසුකම් බෙදාදී දියුණු කොට බෞද්ධ අබෞද්ධ සෑම ජනයා එක්තුකිටීමේ වැඩ සටහනක් තනා ත්‍රිපිටකය හරියා කාරව තේරුම් බේරුම් කිරීමට ධර්මධර විනය ධර භික්ෂු පිරිසක් පුහුණු කිරීම ඉතාම අගනේය .
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද පරවාද මථනය පිණිසද, නිර්මල බුදු දහම ලෝක ව්‍යාප්තිය සඳහා අනුග්‍රහය පිණිසද, දේශපාලකයින්ගේ අවම වී ගිය ජනතා ප්‍රසාදය නැවත ඇතිකර ගැනීම පිණිසද, කරන ලද වංචා, දූෂණ අකාර්යක්ෂමතාවයන් පාවාදීම් යටපත් කර ගැනීමටද, තථාගත දේශිත ත්‍රිපිටක දහම ලෝක උරුමයක් ලෙස නම් කිරීම වෙලාවේ හැටියට අත්‍යන්තයෙන්ම කළ යුතුම ලෝක ශාසනික මෙහෙයකි.
ළඟ එන ඡන්දය වෙනුවෙන්ම විසින් වදාළ ධර්මය අයුතු ලෙස පරිහරණයේ වළකින ලෙස කරන ඉල්ලීමකි..
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව දේශපාලන යෝජනාවකියි අපිට හැඟෙන නිසා එය ප්‍රතික්ෂේප කරමු. අවශ්‍ය නම් බුදුන් වහන්සේගේ අනුමැතිය ලබාගත යුතුව ඇත.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය" කියන්නේ තම රටේ රජා විදේශික ආක්‍රමණිකයන්ට පවා දුන් එවුන්ගෙන් සමන්විත යටත් විජිත විසින් මහබලවතුන් ලෙස සලකන අයගේ සංවිධානයක්ද?
අපි කොහොමද ත්‍රිපිටකය පිළිබඳ බලධාරීන් වෙන්නේ... ධර්මය පාලියෙන් ලේඛන ගත කලේ ලංකාවේදී වුණත්, අන්තර්ගතය බුදුන්වහන්සේගේ ධර්මය නම් ඒ ගැන වගකීම තියෙන්නේ නේපාලයට හෝ ඉන්දියාවටයි. මේ නාඩගමෙන් ත්‍රිපිටකයේ වටිනාකම ඉහළ යන්නෙත් නැහැ. අපේ බෞද්ධයින්ගේ `බෞද්ධකම` වැඩි දියුණු වෙන්නෙත් නැහැ. දේශපාලකයන්ගේ සූරාකෑම අඩුවෙන්නෙත් නැහැ. සිද්ධ වෙන්නේ අනවශ්‍ය දේකට - ජනතාව කිසිසේත්ම නො ඉල්ලු දේකට - ජනතාවගේ මුදල් සම්භාරයක් උත්සවවලටයි, ප්‍රචාරණ කටයුතු වලටයි වෙන් කරලා පිල්ලි ගැහිල්ල පමණයි!