
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපති ලෙස ඕෂධ සේනානායක මහතා රජය විසින් පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීම නිසා සේනානායක මහතා එම තනතුරට පත්කර තිබේ.
ඔහු මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සේනානායක මහතා පරිගණකකරණය පිලිබද විද්‍යාවේදී උපාධිධරයකු ද වේ.ව්‍යාපාර හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා ඇති සේනානායක මහතා එක්සත් රාජධානියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් කිහිපයකම සේවය කර ඇති පළපුරුදු වෘත්තිකයෙකු වේ.
COMMENTS
මේ අර පහලොස් හැවිරිදි දැරිය අපයෝජනයට අදාළ නඩුවේදී අසභ්‍ය වෙබ් අඩවිවලට කුමක් කරන්නේදැයි අධිකරණය අහපුවාම ඒ ගැන පනතේ හරිහැටි නැතැයි ද, පනත අධ්‍යයනය කරන්ඩ ඕනෑ යැයි ද පවසා අධිකරණය නොමඟ යැවූ කෙනා නේද? ඒ කීම නිසා අධිකරණයෙනුත් ගැරහුම් ලැබුවා. මොනවට මේ වාගේ සාමාජයට පිලිලයක් වන පුද්ගලයින්ව මේ වාගේ තනතුරුවලට පත්කරනවාද? අපිටත් ලැජ්ජා හිතෙනවා අපිත් ලංකාවේ ද කියලා මේ වාගේ දේවල් දැක්කාම.