(අංජුල මහික වීරරත්න)
රට සුඛිත මුදිත කරනවා කියා පැමිණි ආණ්ඩුව රටට බයානක විහිලු සපයන තත්ත්වයට ඇද වැටීම නිසා ජනතාවට දේශපාලන ක්‍රමයම තිත්ත වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
තරුණ ප්‍රජාව අනාගතය ගැන ඉච්ඡාභංගත්වයට පත් වීම රටක අනාගත පැවැත්මට සුබදායී නැති බව කී විජයවර්ධන මහතා රටට වැඩදායී තරුණ තරුණියන් විශාල පිරිසක් රට හැරයාම සඳහා තීරණය කර තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද කීය.
තරුණ ප්‍රජාවේ සිහින විනාශ නොකරන රටක් ගොඩ නැඟීමට ආණ්ඩුව අසමත් නම් එම ආණ්ඩුව ද අසමත් බව අමුතුවෙන් කියන්නට දෙයක් නැතැයි ද විජයවර්ධන මහතා කීය.
සූම් තාක්ෂණයෙන් පැවැති තරුණ හමුවකදී විජයවර්ධන මහතා මෙි බව සඳහන් කළේය.
COMMENTS
ඔය කතාව කියන්නේ මේ ආණ්ඩුවටද? ජෙප්පන්ටද? යහපාලනය කාලේ ඔයගොල්ලෝ තරුණයින්ට කොපමණ රැකියා දුන්නද? උපාධිදාරීන් 50000කට රැකියා දුන්නේ මේ ආණ්ඩුව නේද? ජෙප්පෝ තරුණයින්ට දීපු බලාපොරොත්තු අපි දැක්කා.. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරපු හා ඉෂ්ට වුණු හැටිත් අපි දැක්කා.