(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගර මධ්‍යයේදි අද (29) තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත්වු තරුණයෙකුට පිහියෙන් ඇන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
තුවාල ලැබු තරුණයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බර පතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
තරුණිය ගාල්ල නගරයේ වෙළඳ සලක සේවය කරනු ලබන අතර ඇය අද වෙළඳ සලට පැමිණි අවස්ථාවේ ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඇය පැහැරගෙන යාමට උත්සාහකල අවස්ථාවේ එම වෙළඳසලේම සේවය කරන තරුණයෙකු ඇය බේරා ගැනිමට ඉදිරිපත්ව ඇත. එහිදි ඔහුට පිහියෙන් ඇන පලා ගොස් තිබේ.
මෙම පැහැර ගැනිමට උත්සාහ කිරීම ප්‍රේම සම්බන්ධයක් මත සිදුව ඇති එකක් බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
මේ ත්‍රීරෝද පිහිකාරයා දැකලා තිබෙන්නේ මුහුදේ ඉන්නේ එක මාළුවෙක් කියල විතරයි! තරුණිය බේරාගැනීම සඳහා ඉදිරිපත්වුන "වීරයාට" අපේ ආචාරය මෙන්ම ඉක්මන් සුවයද පතමු.
දුලබ සිදුවීමක්. දැන් සාමාන්‍යයෙන් අනුන්ගේ දේවල්වලට කව්රුවත් අත දාන්නේ නැහැනේ.
ටික දවසකින් ඔය කෙල්ල බලෙන් අරන් යන්න හදපු කොල්ලත් එක්කම යයි... පිහි පාර කාපු කොල්ල පව්
දකුණේ කට්ටිය දැන් වැසිකිළියට යන්නෙත් පිහියක් අරන්ද කොහෙද?
අසාධාරණයට විරුද්ධ වුනු මෙම මහත්මයාට ඉක්මන් සුවය පතන්නෙමු.
එඩිතරකම උත්කෘෂ්ඨ ගුණයක්. කාන්තා හිංසනයට විරුද්ධව කතා කරන අය අද සමාජයේ විරලයි. නමුත් මේ එඩිතරකම ආදර්ශයට ගැනීමේදී කවුරුත් අත්මාරක්ෂාව ගැනත් සිතාගෙනම ඉදිරිපත් වෙනවා නම් අවදානම අඩුයි.
දකුණු පළාතේ මිනිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම අලුත් දෙයක් නොවේ. දකුණු පළාතේ පොලිස් සේවය කළ ඕනෙම කෙනෙක් මීට සාක්ෂි දරනු ඇත. මා සිතන්නේ මීට ප්‍රධාන හේතුව නම්, ඔවුන් මීට අවුරුදු සිය ගණනක සිට ජීවිකාව ලෙස කල ධීවර කර්මාන්තයේ බලපෑමයි. අද මෙන් නොව, අතීතයේ මුහුදේ යාත්‍රා කොට මසුන් මැරීම ඉතා අවදානම් සහ රළු ජීවන වෘත්තියක් විය. පාරම්පරිකව ඔවුන් එම වෘත්තියෙන් ලැබූ අභාෂය සහ බලපෑම, ඔවුන්ගේ වර්තමාන රළු හැසිරීමට හේතුව යයි සිතමි.
දකුණට දැන් විදේශිකයෝ පවා එන්න අදී මදි කරනවා. උගතුන් රැසක් හිටි පළාතක්. 2009 පස්සේ මෙම පළාතම ඉවර වුණා. දැන් නම් ගන්නම දෙයක් නැහැ.
වීර තරුණයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ ජීවිතය ආරක්ෂා වේවා!!!!!!!!!!!!!!
මේ තරුණයාට ඉක්මන් සුවය ලැබේවා.මෙයට අදාල නඩුව වෙලාවේ හරස් ප්‍රශ්ණ වලට උත්තර දෙනවිට හිතේවි පිහි ඇනුමෙන් මැරුනනම් හොඳයි කියල.
ඔහුට ඉක්මන් සුවය පතමි .ලෝකේ ලොකු රටවල් පරිපාලනයට පහසුවට පළාත් නම් කරලා තියෙන්නේ.නොදියුණු ගෝත්‍රික මට්ටමේ මිනිස්සු එකත් මුල් කරගෙන රට කඩලා විනාස කිරීමක් කරන්නේ .
පුරාණ රජ යුගයේ හිටපු මිනිස්සු නොවෙයි දැන් ඉන්නේ වෙනත් ජනකොටසක් කියන එකනම් සහතික ඇත්තක්. අඩු තරමින් මීට අවුරුදු 200 ට කලින් නිෂ්පාදනය කරපු පපැදියක්?යම් යම් දේවල් පිට රටවලින් ගෙනත් එකලස් කිරීම පමණයි කරන්නේ. උපතින් බුද්ධිමතුන් බිහි නොවන්නේ රටේ අධික අපිරිසිදුකමත් හේතුවක් බවයි ජපන් ජාතිකයන්ගේ අදහස. බැලු බැලු අත කුණුගොඩවල්,ප්ලස්තික් බෝතල් කණුවල හිර වෙලා කළු පාට වතුරේ මදුරුවෝ පිරිලා.දැඩි නීති අවස්සයි පොලිතින් ,ප්ලස්තික් තහනම් කලයුතුය. සිංගප්පුරුව හැදුවෙත් එහෙමයි ......