(ඉන්දිකා රාමනායක)
ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
නවගමුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 8 ට මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .
ඒ සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර පරීක්ෂණයේදී ජපානයේ රැකියා ලබාදෙන බවට පවසා දිවයිනේ විවිධ පුද්ගලයන්ට වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 32 ඇයට විරුද්ධව ඇති බවත් , ඇතැම් නඩුවලට අධිකරණය මග හැරීම හේතුවෙන් ඇයට වරෙන්තු 17 ද නිකුත් කර ඇති කාන්තාවක් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි කාන්තාවකි .
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයන්ට ජපන් රැකියා සිහිනය දි මුදල් ගැරූ කතක් පොලිස් දැලේ