(බන්දු තඹවිට)
පාලින්දනුවර මාකෙලිඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව බදුරලිය පොලිසිය පවසයි.
බේරුවල,චීනකොටුව ,පදිංචි මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නමැති 19 හැවිරිදි තරුණයෙකු මෙසේ ජලයේ ගිලී අතුරුදන් වී ඇත.
තවත් මිතුරන් 04 දෙනෙකු සමග මාකෙලිඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර මිතුරන් කණ්ඩායම දිය නාමින් සිටින අතර මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නමැති අය දියේ ගසාගෙන ගොස් මෙසේ අතුරුදන් වී ඇත.
බදුරලිය පොලිසියේ දැනුම්දීමට අනුව නාවික හමුදා කිමිදුම් කරුවන් කණ්ඩායමක් අතුරුදන්වූ තරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු ආරම්භ කල අතර අද(9) දහවල් වන විටත් සිරුර සොයාගැනීමට නොහැකිවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd