IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


තුර්කි විදේශ ඇමති නිව්යෝක්හිදී මෙරට විදේශ ඇමති හමුවෙයි

( තිළිණි ද සිල්වා )

තුර්කිය හා ශ්‍රී ලංකාව අතර සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හිදී තුර්කි විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා තුර්කි විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ මහතා අතර ඉකුත් 17 වැනිදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී මෙම හමුවීම සිදුවිණි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කි විදේශ අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි මෙම හමුව පැවැත්විණි.

සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවයත්, අන්තවාදයන්ගේ නැඟී සිටීම ඊට ඇති සබඳතාවයත් සාකච්ඡා කළ දෙරටේ අමාත්‍යවරුන් දෙදෙනා, මානව හිමිකම් දේශපාලනීකරණයට හා සමහර පාර්ශ්වයන්  තෝරාගත් මානව හිමිකම් මෙවලම් ලෙස යොදා ගැනීමට එරෙහිව අදහස් දැක්වීය.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංසදවල දී ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සඳහා මෙහිදී තුර්කි හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් ප්‍රතිඥා දුන්හ.

එම හමුවේදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේදී තුර්කි ජාතිකයින් දෙදෙනෙකු මිය යාම පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා   සිය කණගාටුව පළ කළ අතර, අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු තුර්කි විදේශ අමාත්‍යවරයාව දැනුවත් කලේය.

කොවිඩ්-19 වසංගතය අතරතුර දී වෙන්ටිලේටර් සහ අනෙකුත් උපකරණ සැපයීමේ දී තුර්කියෙන් ශ්‍රී ලංකාවට නොමසුරු ආධාර ලබා දුන් බව සඳහන් කළ මෙරට විදේශ අමාත්‍යවරයා සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ලබා දීම සඳහා තුර්කිය ලබා දුන් සහයෝගය ද අගය කළේය

තුර්කි විදේශ අමාත්‍ය චවුෂෝලෝ මහතා 2016 වසරේදී දී නිරත වූ සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය උණුසුම් ලෙස සිහිපත් කළේය. මෙම සංචාරය තුළ දී ඔහු වෙනුවෙන් සලසා තිබූ පහසුකම් ද තුර්කි අමාත්‍යවරයා අගය කළේය. මෙහිදි  විදේශ අමාත්‍ය පීරිස් මහතාද තමා තුර්කියේ නිරත වූ සංචාර කිහිපයක්ම සතුටින් සිහිපත් කළ අතර, එහි දී තමා ලැබූ පොහොසත් අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වීය. 

ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයෙක් නොබෝ දිනකින් තමා උපන් නගරයේ දී රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව තුර්කියේ විදේශ අමාත්‍යවරයා සතුට පළ කළේය.

ඔවුන්ගේ අන්‍යෝන්‍ය සංචාරයන් පිළිබඳව ඇගයීමේ දී දෙරට අතර, විශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ සබඳතා අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වෙනත් මට්ටම්වල සංචාරයන් සහ අන්තර් ක්‍රියාකාරකම් තුළින් සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් බව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කළහ. 

දෙරට භූගෝලීය වශයෙන් දුරස්ව පැවතුනද, දෙරට අතර සබඳතා ඉතා සමීප බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා පැවසීය.. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. මිලියන 100 සිට ක්‍රමයෙන් ඉහළ ගොස් වසර තුළ දී ඇ.ඩො. මිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබීම අමාත්‍යවරු අගය කළහ.

තුර්කිය වෙත සිදු කෙරෙන, දැනට සියයට 80 ක් තේවලින් සමන්විත අපනයනය විවිධාංගීකරණය කළ යුතු බවත්, තුර්කිය ප්‍රවීණතාවක් දරන ඉදිකිරීම් සහ ඖෂධ කර්මාන්තය වැනි වර්‍ධනය වන ක්ෂේත්‍රවල ආර්ථික වෙළෙඳ කටයුතු සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතින බවත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙහදී පෙන්වා දුන්නේය.

එසේම දේශීය වෙළෙඳපොළ සඳහා සහ ඉන් ඔබ්බට ඖෂධ නිෂ්පාදනය සඳහා නිශ්චිත ආර්ථික නිදහස් කලාප ඇති කරමින් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා  සඳහන් කළේය.

 තුර්කි ඉදිකිරීම් අංශය ලොව දෙවැනි විශාලතම අංශය බවත් ඔවුන්ට තම කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද ව්‍යාපෘති ගණනාවක් ඇති බවත් තුර්කි විදේශ අමාත්‍යාවරයා අවධාරණය කළේ ය. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘති, ආයෝජන සහ මුලපිරීම් සඳහා අවස්ථා සැපයීමට හැකි වන පරිදි, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ වැදගත් ගිවිසුම්වලට එළඹීම පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා උනන්දුවක් දැක්වූහ.

 වැදගත් ගෝලීය ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස එරටේ කාර්යභාරය ඉහළ නැංවීම පිණිස තුර්කියේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ අත්දැකීම් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්කාරා සහ කොළඹ අතර ගුවන් සම්බන්ධතා සහ සබඳතා හා බැඳීම් නව මට්ටම් කරා ඉහළ නැංවිය හැකි කලාපීය කේත හුවමාරු ගුවන් ගමන් පිළිබඳ ගවේෂණය කිරීමේ හැකියාවන් සහ ඒ ඒ වාණිජ මණ්ඩල හා ව්‍යාපාරික අංශ අතර හුවමාරුව ඇතුළුව අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඇමැතිවරු දෙදෙනා සාකච්ඡා කළහ. කටයුතු අවසන් වූ හා ක්‍රියාත්මක කිරීමේ අවසන් අදියරේ පැවති ගිවිසුම් කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයම මෙහිදී එකගත්වය පළ කළහ.

තමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංචාරය කල් දැමීමට සිදු වූ බව තුර්කි විදේශ අමාත්‍යවරයා සදහන් කළේය.

නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මහතා එහිදී  තුර්කි විදේශ අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය.

අමාත්‍යවරුන් දෙදෙනා දෙරට අතර සුහද හා සමීප සබඳතා පුළුල් කර ගැනීමට අදහස් කළ අතර, කොවිඩ් වසංගතයෙන් පසුව තවදුරටත් අන්තර් ක්‍රියාකාරකම් ආරම්භ කළ හැකි බවට අපේක්ෂාව පළ කළහ



අදහස් (1)

තුර්කි විදේශ ඇමති නිව්යෝක්හිදී මෙරට විදේශ ඇමති හමුවෙයි

Nuwan Monday, 20 September 2021 03:18 PM

තුර්කියෙන් ණය අරන් තව අන්තවාදීන් ගෙන්වමු රටට...!

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 19 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 335 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 171 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 170 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 1566 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 1159 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1246 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 316 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1342 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site