IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමල  මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට නොහැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එහේතුවෙන් රෝගින් ඇතුලත් කර ගැනිමේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකළ බව ද  බලධාරිහු පවසති.

මේ අනුව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොකර රෝගින් ඇතුලත් කිරිම නිසා දැනට නේවාසික ප්‍රතිකාර ලබන  රෝගිනට  බරපතල තර්ජනයක් එල්ල වි තිබේ.

සෞඛ්‍ය බලධාරින් හෙද කාර්ය මණ්ඩලවල රාජකාරිය සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විම රාජකාරිවලින් ඉවත්වීමට හේතුව බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොමැතිව රෝගින් ඇතුළත් කර ගැනිමෙන් රෝගින් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල බරපතල අනතුරකට ලක් කිරිමක් බව පැවසීය.

 



අදහස් (0)

ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site