IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තායිලන්තයේ ඝාතන සිද්ධියේ සැකකාර සෙබළා වෙඩිපහරින් මරුට

තායිලන්තයේ  බැංකොක් නුවරට ඊසානදිග පිහිටි කොරාට් නගරයේදී පුද්ගලයන් 26 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ හමුදා සෙබළා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි පහරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ, මේජර් ජකපනාත් තොම්මා නම් පුද්ගලයෙකි.
 
වෙඩි තැබීමෙන් 57දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.   

ඊයේ(08) තායිලන්තයේ වෙළඳ සංකීර්ණයකදී සැකකරු එහි සිටි පිරිසට සිය ගිනි අවියෙන් වෙඩිතැබූ අතර, දිවි බේරාගැනීම සඳහා මිනිසුන් භීතියෙන් දිව යන ආකාරය සහිත වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබිණි.
 
බලධාරීන් පැවසුවේ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

සැකකරු  පළමුව එහි  පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර, පසුව සාප්පු සංකීර්ණය පුරා සිටි මිනිසුන්ට වෙඩි තබමින් ගමන්ගත් බව අනාවරණය වී ඇත.
 
මියගිය බහුතරය, වෙළඳ සංකීර්ණයෙන් පිටත, මෝටර් රථවල ගමන්කරමින් සිටි අය සහ මාර්ගයේ ගමන්ගනිමින් සිටි අය වෙති. 
 
මධ්‍යම රාත්‍රියට පෙර එම ස්ථානයට පොලිසිය පැමිණ ආරක්ෂාව සපයා ඝාතකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඉන් පැය 16කට පසු වෙළඳ සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් ඝාතකයා පොලිසියේ වෙඩිපහරකින් මියගිය බව ඔවුහු පැවසූහ.
 
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)

16844



අදහස් (1)

තායිලන්තයේ ඝාතන සිද්ධියේ සැකකාර සෙබළා වෙඩිපහරින් මරුට

නන්නාදුනන හාදයා Sunday, 09 February 2020 12:35 PM

මැරෙන්න කලින් ලංකාවට පැනලා ඇවිත් "දියවන්නාවට වැඩක්" දීලාම ගියා නම්.. අපේ ජාතික වීරයෙක්...!!!

:       2       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 867 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site