තෙඹුවන නගරයේ දී පසුගියදා සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරි බව කියමින් පොලිස් සැරයන්වරයා ගිනි අවියක් රැගෙන තෙඹුවන නගරයේදී විරෝධතාවය පළ කළේය. ඉන් පසු පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
ලක්ෂ 400 වාහන මැති ඇමතිවරු ගනිද්දී, මෙවැනි දෙයක් කිරීම සැබවින්ම මහගු කාර්යයක් යැයි සිතමි.
ගිනි අවියක් අතින් අරන් ආවේගශීලිව, විනයක් නැතිව කටයුතු කරන්න බෑ පොලිස් නිලධාරියෙක්ට. මානුෂිකව සීතා බලා දඬුවම් නොකර සිටීම වෙනම දෙයක්. මේක වැරදි පුර්වාදර්ශයක්. ඔහුගේ ක්‍රියාව අගය කිරීම නොකළ යුතු දෙයක්.
හොද වැඩක්
ඉතා හොඳ වැඩක්. අපේ උත්තමාචාරය
ගොඩක් දෙනෙක් මේක යහපත් ක්‍රියාවක් හැටියට දැක්කත් මට නම් කරකවලා අතෑරියා වාගෙයි...නීතිය සහ අවනීතිය එකම තැන ...
සාජන්ට් මහත්තයට අසාධාරණයක් වෙලාද කියන එකට පරීක්ෂණයක් තිබිය යුතුයි. එහෙත් ජනාධිපති තීරණ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණවලට සමානයි...
මේක සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්.. මොනවා හරි වරදක් වුණා නම් මේ පොලිස් නිලධාරියා ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත කරන්න බෑ.. ඒක රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු ලෙස විනය කඩ කිරීමක්. ඒ නිසා වැඩ තහනමක සිටින මේ නිලධාරියාව ගෙනැවිත් මිලියනයක් සල්ලි දීම අනෙකුත් විනයානුකූල වැඩ කරන නිලධාරීන්ට දුන්නේ කනේ පාරක්.. දැන් ලක්ෂ 10 ක් ගන්න හැම පොලිස් නිලධාරියාම ටී 56 අරගෙන පාරට බහීවි.. මේ ජනාධිපති කළොත් කරන්නෙ මෝඩ තකතීරු වැඩක්..
ඉහළ පොලිස් නිලධාරීන් බොහෝ අවස්ථාවලදී යම් යම් අඩුපාඩු සම්බන්ධයෙන් පහල නිලධාරීන්ට ඉවක් බවක් නැතිව බැනවදින අයුරු මා අනන්තවත් දැක ඇත. මේ සැරයන්වරයා ද ඒ තත්වයට පත්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් කල එවැනි ක්‍රියාමාර්ගයක් නිසා බව මේ සැරයන්වරයා අප හා පැවසුවා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය එවැනි නොහික්මුුණු ඉහළ නිලධාරීන්ට පාඩමක් ලෙසයි මා දකින්නේ...
මෙය නම් ඉතා හොඳ ගුණයහපත් ක්‍රියාවක්, ජනපති තුමනි.
වැරදි ආදර්ශයක්. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ අයවලුන් යම්කිසි නීති පටිපාටියකට යටත්වෙලා වැඩකරන අය. ඉහල නිලධාරීන් දෙන තීන්දුවට, වැරදි හෝ නිවැරදි, ඒවා ක්‍රියාත්මක කරන්න පහල තල වල අය බැඳිලා ඉන්නවා. ප්‍රශ්න කරන්න බැහැ. මේ නිලධාරියා කරේ වැරද්දක්. විරෝධය පෑම ලොකුම වරදක්. අනිත් නිලධාරියා කරපු එකත් ලොකු වැරද්දක්. දෙන්නම දඬුවම් විඳිය යුතයි. නැත්නම් මේක මුළු පොලිසියටයි, හමුදාවලටයි ලොකු පැල්ලමක්.
ඔබතුමාට ස්තුති කිරීමට වචන මා ළඟ නැහැ. ඒ විතරක් මදි නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකළ අයට දඩුවම් කර අර පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබාදීම ගැන සලකා බැලුවොත් අගනේය.
නීතිය හරියට කරන කෙනාට යුක්තිය ඉටු වේවා. ජනපතිතුමාට අපගේ ආචාරය. වැරදි කරුවන්ට දඩුවම් කෙරෙන්නත් ඕන.
මෙවන් සාධාරණ ක්‍රියාවකට ජනාධිපති කෙනෙකුගේ අවධානය යොමු වීම පිළිබඳව මා නම් දහස් වතාවක් නොව අනෙක වාරයක් ස්තුති කරනවට වඩා පින් දෙමි.
ඉතාම ආදර්ශමත් ක්‍රියාවක්. අවංක රජයේ නිලධාරින්ට හොද ගැම්මක්.
එකී නිලධාරියා සහ පවුල ආර්ථික ප්‍රශ්න වලින් පෙළේ නම් ඊට උදව් කළ යුතුය. නමුත් ඒ ක්‍රමවේදය මෙය නොවේ.
ඇත්තම කියනවනම් මේ රට හදන්න පොලිස් කොස්තාපල්වරුන්ට පුළුවන්. මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රාජකාරිය නීත්‍යනුකුලව ඉෂ්ට කරා නම් පොලිසියේ කොස්තාපල් සාජන්වරුන්ට මේ රට හදන්න පුළුවන්. ප්‍රධාන ප්‍රශ්නේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන එකනේ, මේක ආදර්ශයක් කරගෙන අනිත් පොඩි පොලිස් නිලධාරීන් ඔබගේ රාජකාරිය හරියට ඉෂ්ට කරලා මේ රට බේරගන්න. අභිමානයෙන් තමන්ගේ රාජකාරිය කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න ඔයගොල්ලන්ට තියන බලතල හොඳටම ඇති. වෙන රාජ්‍ය සේවකයන්ට ඔහොම නැහැ. අපි ඔබ සමගයි. දේශපාලනීකරණය වෙන්න එපා. බය නැතුව රාජකාරිය කරන්න
ලංකාව නැවතත් ක්‍රීඩාවෙන් පුබුදුවාලු පාරමී වසන්තිට ගෙයක් හදාගන්න ඔබතුමාගේ අරමුදලෙන් මේගමන්ම උදව්වක් කලොත් හොදයි නේද..???
අගය කරමි
මේවා ඉතාමත් ප්‍රශංසනීයයි. නීතිය හරියටම ක්‍රියාත්මක කල ඔබටත් ජනාධිපති තුමාටත් අපේ ආචාරය.
රාජ්‍ය නිලධාරීන්ගේ බලය හා දූෂණය ඉදිරියේ මේ වගේ අසාධාරණයට ලක්වන නිලධාරීන් පිළබඳව සෘජුව සොයා බලා පිලිසරණ වීම රාජ්‍ය නායකයකුගේ උතුම් ගුණාංගයක්. හැබැයි වඩා වැදගත් වන්නෙ මේ වගේ තම බලය අනිසි ලෙස යොදා ගැනීමට ආයතන ප්‍රධානීන්ට ආයතන සංග්‍රහයෙන් ඇති ලබා දී ඇති බලතල සංශෝධනයට ලක් කිරීමයි. මොකද මේ වගේ පීඩාවට ලක්වන අවංක රාජ්‍ය නිලධාරීන් බොහොමයක් රාජ්‍ය සේවය තුළ සිටිනවා. ඒ වගේම මේ අත්තනෝමතික තීරණය ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව ද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ කර්තව්‍ය සියල්ල ඉටු වුණොත් යහපාලනයක් වේවි.
සහෝදරයා ඔබට සුභ පැතුම්....
හොද වැඩක්
අගය කරමි !!!
මේවා නම් අගය කලයුතු දේවල්...
මේ දෙන්නේ අපේ සල්ලි.
වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඉහත කී සාජන්ට් වරයාගේ විරෝධය පෑමේ ක්‍රමවේදය නීතියට ගරු කරන පුද්ගලයන්ට කිසිසේත්ම අනුමත කළ නොහැකි ය. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට තම උසස් නිලධාරීන් අතර ගැටුමක් තිබිය හැක. නමුත් ඒවා විසඳා ගන්නා ක්‍රමවේද ඒ රාජ්‍ය පරිපාලනය තුළම වෙති. ජනාධිපතිට පොලිස්පතිවරයා සමග ප්‍රශ්න තිබෙනවා විය හැකිය. එසේ කියා පොලිස් කොමිසම විසින් වැඩ තහනමකට ලක් කර අධිකරණයේ නඩු පවරා ඇති විනය විරෝධී පොලිස් නිලධාරියෙකු කැඳවා දහසින් බැඳි පියල්ලෙන් පිදීම පිස්සුවකි දැන් ජනාධිපතිගෙන් මිලියන ගණන් ත්‍යාග ලබා ගැනීම සඳහා අනෙකුත් පොලිස් නිලධාරීන්ද තම ගිනි අවියද රැගෙන පාරේ පිස්සු කෙළියහොත් එහි වගකීම ජනාධිපති බාර ගන්නවාද?
සුබ පැතුම් !!!
ජනාධීපතිතුමාට මෙවන් ආකාරයට මෙයට මැදිහත් නොවි ඉන්නට තිබුණා . සාධාරණ පරික්ෂණයක් සිදු කිරිම මගින් එය කල හැකිව තිබුණා........