(අංජුල මහික වීරරත්න යාපනයේ සිට)
තමන්ට විරුද්ධ අය මැරෙන්නත් පක්ෂ අය ජීවත්වන්නත් සිදුවන යුගයක් නැවත නිර්මාණය කළ යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) යාපනයේදී පැවසීය.
නීතිය හා සාමය යනු හැකි අයුරින් ඝාතන වැළැක්වීම බව කී අග්‍රාමාත්‍යවරයා නැවත සාක්ෂි නොමැති මරණ සිදුවන යුගයක් නිර්මාණය කරගත යුතුදැයි ප්‍රශ්න කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ යාපනය තිරු තෙල්ලිවේලිහි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයෙහි නව දමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ කීය.
“දැන් බෝම්බකාරයො එනවා. මිනිස්සු ජීවත්වෙන්න බයයි. එදා එවැනි තත්ත්වයක් තිබුණේ නැතැයි පොහොට්ටු සම්මලේනයේදී එහි මන්ත්‍රීවරුන් පැවැසුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ආරක්ෂාව තිබූ බවත්, අනාගතයේත් එලෙස කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පවසා තිබුණා.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණේ අපේ යුගය් බව මා පිළිගන්නවා. ඒ ගැන සොයාබලන්නට වෙනම කමිටුවක්ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද තිබෙනවා. අපට අවශ්‍ය සිදු වූ දේ සොයාබලන්නයි. සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා එදා සවස වනවිට අල්ලා ගන්නට හැකිවුණා. මේවනවිට සැකකරුවන් 200ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කාලේ වුණේ කුමක්ද? රවිරාජ් මන්ත්‍රීතුමා පාරේ යනවිට මරාදැමුවා. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් අල්ලාගන්න බැරිවුණා. මහේෂ්වරන් මන්ත්‍රීතුමා ශිවම් කෝවිලේ වන්දනා කරනවිට ඝාතනය කළා. ඊට සැකකරුවන් කිසිවෙකුත් අල්ලන්නට නොහැකි වුණා. ශිවම් කෝවිල තිබෙන්නේ වරාය අසළයි. වරායට දැඩි ආරක්ෂාවක් තිබෙනවා. එසේ නම් ඒ අය කියන හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පැමිණ මහේෂ්වරන් මන්ත්‍රීතුමාට වෙඩිතැබුවේ කෙසේද? කොළම සිටි සියලුම අය ආණ්ඩුවට විරුද්ධය ඡන්දය දුන්නා. එවිට ආරක්ෂාව ඉවත් කළා. ඝාතනයට ලක්වුණා.
රවිරාජ් මන්ත්‍රීතුමා සිංහලෙන් කතාකිරීම අපට හොඳ නැහැ. අපිට අවාසියි කිව්වා. එතුමා ඝාතනය වුණා.
අප බලයට පැමිණ විභාගකිරීම් ඇරඹුවත් තවමත් සාක්කි සොයාගන්නට බැහැ. එය හරි පුදුමයක්. සියලු දේවල සාක්කි තිබුණත්.
නැවත එවැනි තත්ත්වයක් නිර්මාණය කළ යුතුද? තමන්ට විරුද්ධ අය මැරෙන්නත්, පක්ෂ අය ජීවත්වන්නත් සිදුවන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද? ”යැයි ඒ මහතා කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
හලෝ කොහෙන්ද කතා කරන්නේ? ඔහෙලා 1989 පාර අයින්වල ටයර් සෑය වල යැව්වේ කවුද? රටේ ආරක්ෂාව බල්ලට දමා තිබියදී 260ක් ස්වර්ගස්ථ වී 400ක් පමණ අබ්බගාතයින් වුනේ තමන්ගේ ආගමට විරුද්ධ අය නොවෙයිද? ඒ අය ඇතිකළේ කව්ද? රාජපක්ෂලාද රනිල්ලාද? තාත්තා දුන්නු පණිවිඩය කාදිනල්තුමාට ලැබෙන්නට සැලැස්සුවා නම් ඇමතියෙකුට ඒ පවින් ගැලවෙන්නට අවස්ථාව තිබුණ දේද? ෆොන්සේකා මැතිතුමාගේ කතාව අැසුවා නම් අද රටේ ආරක්ෂාව පිළිබඳව නියම තත්වය තේරුම් ගන්නට පුළුවනි. ෆොන්සේකා මැතිතුමා කියන ආකාරයට රටේ ආරක්ෂාව සලසන්නට ඔබලාට කිසිම හැකියාවක් නැත.
මෙයා පැරණි රසාංග කියනවා. දැන් ඕවා වලංගු නැහැ. ගෝඨා එන එක වළක්වන්න බැරි වෙයි. අැමෙරිකාව එ්ක හොඳට දන්නවා...
අහිම්සා දුවගේ ලිපියට උත්තරේ ? කට උත්තර නෑ නේද?
දැන් පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම මැරෙනවනේ.. ආර්ථික අමාරුකම් නිසා.
"පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණේ අපේ යුගයේ බව මා පිළිගන්නවා. " එතකොට 1983 තිබුණු ජාතිවාදී කෝලාහල යුගය කාගේ යුගයක්ද? 1989 තිබුන ටයර් සෑ යුගය කාගේ යුගයක්ද? ‘තමන්ට විරුද්ධ අය මැරෙන, පක්ෂ අය ජීවත්වන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද?’ එහෙම යුගයක් පළමුව නිර්මාණය කලේ ඔබලා මිස රාජපක්ෂලා නොවේ. තමන්ට විරුද්ධ අය ජීවත් කරවන්න හදන විට ඊට අකුල් හෙලපු ලසන්ත වගේ අය මැරෙන්නට ඇත. එ්ත් කී දෙනාද? එ්ක අතේ ඇඟිලිවලට අඩුයි නේද? ෆොන්සේකා මහතා කීවා වගේ පාසල්වල ආරක්ෂාව හොඳයි කියන්න අධ්‍යාපන ඇමැතිට ඇති අයිතිය හා දැනුම මොකක්ද? මේ රටේ ආරක්ෂාව පිළිබඳව සහතික විය හැකි එකම පුද්ගලයා ඝෝඨාභය පමණයි. රනිල් ඔබට ඒ ගැන සිතන්න වත් බැරිය. ඒ බව ඔප්පු කර හමාරයි.
මහ බැංකු හොරු මංකොල්ල කාරයින් ඉන්න යූ.එන්.පී වගේ පක්ෂයකුත් රටට අවශ්‍යද?
අහිංසක අය සියගණන් මැරුණේ, තවත් සියගණනකගේ ජීවිත සදහටම අඳුරු වුණේ කාගේ වරදින්ද?
රටේ මිනිස්සු දැන් බයිලා කියන නායකයෝත් දන්නවා. කරන දේ කියන නායකයොත් දන්නවා. දැන් කතාවලින් ජනතාව රවටන්න අමාරුයි.
ඡන්දෙට නලුවෙක් නෙමේ මොලයක් කිව්වා. දැන් බලපුවා මොලයක් නෙමේ. රටකට ගිය කලක් .
යාපෙන්දී ඒක සිංදුවක්.දකුණට තව ඒකක්.
මෙයාගේ මොලේ කොලොප්පන් වෙලාද? නැතිනම් උතුරේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ කියලද?
රනිල් අගමැතිතුමා කොහොමටත් කැමති අන්තර් ජාතික දේටනේ.. අපට අයිසිස් හෝ න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයකින් කම්මුතු වන්න නිදහස දැන් ලබාදී තිබෙනවා.
නිකං කයිවාරු ගැහුවත් ජනතාව ගොනාට අන්දන්න දැන් බැහැ. පරන ටයර් සෑය අමතක කරමු. අඩුගානේ මෙම අවුරුදු හතරහමාරේ පොරොන්දුවෙලා අාව කාරණා ටිකවත් ඉෂ්ට කළා නම් ඡන්දෙ දෙන එක හිතාගන්න තිබුණා. කොහෙද හොරුන් එක්ක ඩීල්දාලා මිනීමරුවන් යයි දැන් ඔය කියන අයව ආරක්ෂා කළා.. බැංකුව කොල්ල කන්න දීලා ලොක්කාව සිංගප්පූරු යැව්වා.. ඕනේ වෙලාවක ගේන්නා ගන්න පුලුවන් කියලා. ජනතාව මැරිලා ඉපදී නැහැ. ජනතාව ඉස්සරහට වඩා දැන් බුද්ධිමත්. ඔය වහල්ලු ටික දෙනෙක් ඇරෙන්න...
වැඩ බැරි ටාසන් කතා කරයි. විපක්ෂනායක කම රැකගන්න එදා පැවතුණු හැම ආණ්ඩුවලටම යටින් උදව් කළා. ඇගමති වූ පසු කරපු උදව්වලට ප්‍රතිඋපකාර කළා. තම වලව් පන්තිය රැකගන්න රට වනසා දැම්මා...
අපි පොඩි කලේ මාකොළ පැත්තේ ගමක් ගැන නිතර කතාවෙනවා ඇහිලා තියෙනවා. මෙතුමාගෙන් අහන්න ඕනෑ ඒ පැත්ත ගැන...!
ආපෝ එපා, එ්කනේ 88/89 කාලේ "තමන්ට විරුද්ධ අය මරණ" පක්ෂේ අයව අපි ගෙදර යැව්වේ... ඉතින් ආපහුම ඒ පුත්තර රත්නේ මහා පුටුවේ ඉන්දලා ඉල්ලගෙන කන්න ඕනෑ නැහැ..
රටම බියෙන් ඉන්න යුගයක් ඔබට අවශ්‍යද? එසේනම් මෙයා ඇතුලු මී හරක් නඩයට ඔබගේ ඡන්දය ලබා දෙන්න. ඡන්දයක් ලබා ගැනීම කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවා වගේ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් අවශ්‍යද, එහෙනම් මේ නරි රැලම ආයෙත් පත් කරගනිමු. බැංකු හොරුන් අතින් පාලනය වී ඉවරයක් නැති කප්පරක් බදු ගෙවීමට කැමතිද? එසේ නම් මේ හොරු රැලම ආයෙත් පත් කර ගනිමු. රටේ සම්පත් පිටට විකුණා දැමීමට අවැසිද? එසේනම් මේ රැළම නැවත පත්කර ගනිමු.
විරුද්ධ අයයි, විරුද්ධ නැති අය, දෙගොල්ලොම වේලි වේලි අහේනියෙන් මැරෙන යුගයක්නේ දැන් තියෙන්නේ?
ඔයාට මතක නැද්ද එහෙම යුගයක් තිබ්බා. මිනිස්සු පාරවල් ගානෙ පිච්චුවා. අහිංසක දරුවන්ගේ අම්මලා සිරගත කළා. ඒ දරුවන් කන්න අඳින්න නැතිව පාසල් ආවා. අපි අපිට පුළුවන් විදිහට උන්ව බලාගත්තා. කවදා හෝ මේවා පඩිසන් දෙන කාලයක් එනවා.
මට මතක නැහැ .. මේවායේ රන් කළේ කව්ද කියලා...
1975 දොරේඅප්පා මරා සිරිමා රජයට විරුද්ධව ඇරඹූ උතුරු, නැගෙනහිර දෙමල, මුස්ලිම් ඊලාම් යුද්ධය 1977 බලයට පත් වූ ජේආර් ලේ හැලිමකින් තොරව නතර කර ලෝක ධනපතීන් ලවා වෙළඳ කලාප ඇතිකර 1983 දක්වා එතෙක් නොවූ විරු සීග්‍ර සංවර්ධනයක් රටේ ඇතිකර 1982 ඔක්තෝබර් ජනාධිපතිවරණය දිනා පාර්ලිමේන්තු කාලය වසරකින් දික්කරන්න දෙසැම්බර් දිනු ජනමත විචාරණයේදී සමසමාජ කොමියුනිස්ට් වසු වික්‍රමබාහු චන්ද්‍රිකා හා විජය ජේ.ආර්.ට සහාය දුන් අතර අනෙකුත් සියලු පක්ෂ හා රජය තුළ හා පිට හිටි එජාපයේ ජේ.ආර්. විරෝධීන් එකපිලක් වී 1983 කලුජුලිය හා ජේවීපී භීෂණය ඇතුළු සියලු රාජද්‍රෝහී ක්‍රියා එතැන් පටන් කළහ. කලුජුලිය සිදුවෙද්දී දින තුනක් සමසමාජ ඇතුළු හිතවාදීන් සමග සකච්ඡාකර සර්වපාක්ෂික සමුළුවක් කැඳවා සියලු දෙනාගේ අදහස් විමසූවිට ශ්‍රීලනිප දිනේෂ් විජේවීර රුක්මන් ඊලාම් පාක්ෂික අෂ්රෆ් ඇතුළු පක්ෂ 8ක් කටවහගන සිටීමට වඩා දියහැකි සහයක් නැතැයි කියූවිට යුධමය සමූල ඝාතනයක් කර දේශපාලන විසඳුමක් දිය යුතුබව ඇතුලත්මුදලි කියත්දී ජේආර් සමග සාකච්ඡා කරගත් පරිදි ලෝක බලවතුන් දිනාසිටි එල්ටීටීඊ ගැන ජාත්‍යන්තරය දැනුවත් කරමින් විසඳුම කරා ළඟාවිය යුතුබව කියයි.
1983 කලුජුලිය මර්ධනය කල ජේ.ආර් පැවැත්වූ සර්වපාක්ෂික සමුළුවේ ඵලයක් ලෙස ඇතුලත්මුදලි රජිව් ද ගාමිණී ෆොන්සේකා ඇම්ජිආර් ද විජය- චන්ද්‍රිකා ප්‍රභාකරන්ද, ජේආර් ගේ නීතිඥ සොහොයුරු පිරිසක් ලෝකේ වටේද පාකිස්ථානය චීනය ඇතුළු රටවල් ගණනාවක නායකයින් හමුවෙත්දී ඇමරිකා ජනපති රේගන්... ජේආර්ගේ කරට අත දමා දැක්වූ සුහදතාව ද රුපවාහිනී මගින් ලෝක ප්‍රවෘත්ති වෙත්දී දෙවැනි වරටත් රජිව් හමුවීමට ගාමිණී දිසානායක යවා රාජ්‍ය නොවන ගමනක් ලෙස පුද්ගලික වියදමින් ඉන්දීය ජනපති සිං හමුවූ ජේආර් හමුවීමට පැමිණි රජීව් සමග දින ගානක් සාකච්ඡා පවත්වත්දී 12500කව හිටි හමුදාව 55000ක් කර ඉන්දියන් පාකිස්තාන් ඊශ්‍රායලය ඇතුළු ජාත්‍යන්තර පුහුණුව ලබාදී අලිමංකඩ ඇතුළු මුහුදු තීරවල කඳවුරු බැඳ කොටි යාපනයට සීමාකර වඩමාරච්චි සටනින් ප්‍රභාකරන් අත්අඩංගුවට ගන්න සැරසෙද්දී ඉන්දියන් ගුවන් හමුදා යානා බලෙන් රටට ඇතුළු වී ප්‍රභාකරන්ට උදව්වට එද්දී වඩමාරච්චිය අතහැර හමුදාව පසුබසිද්දී ආයුධ සන්නද්ධ පක්ෂ 6හි කැමැත්ත සඳහා අත්සන් ගෙන සාමසාධක හමුදාවක් ලෙස පැමිණි සියල්ලෝම නිරායුධකර ත්‍රිකුණාමල වරාය හැර උතුරු, නැගෙනහිර සංවර්ධනය කිරීමට අවසර දුන්හ...
එසේ සාමසාධක හමුදාවක් එනවට අතර අනිත් පක්ෂ කැමතිවෙද්දී විරුද්ධ වූ ප්‍රභාකරන් ඉන්දියන් ගුවන් හමුදාව මගින් නිවාස අඩස්සියට ගෙන කැමති බවට බලෙන් අත්සන් ගත්හ. ප්‍රභාකරන්ගේ විරුද්ධත්වය නිසා සාමසාධක හමුදාවක් යැවීම ඉන්දියාවේ වියදමින් ප්‍රභාකරන් සමග යුද්ධ කිරීමක් බව ඉන්දියන් රජයේ හිටි වී.පි. සිං ඇතුළු පිරිසක් කියද්දී ලෝක ලැජ්ජාවට රජිව් සාමසාධක හමුදාව ලංකාවට එවද්දී ඒ පිරිස රජයෙන් ඉවත්වී යද්දී ඔවුන් කී පරිදිම ප්‍රභා සමග ඇතිවූ සටනින් මැරුණු ඉන්දියන් භටයින්ගේ සිරුරු බුරුතු පිටින් යත්දී වී.පි සිං රජිව් පරදා අගමැති විය. රජිව් ඇතළු රජිව්ට සහය වූ සියලු පක්ෂ නායකයින් කොටි බෝම්බවලට බිලිවිය. එලෙස උන්උන් මරාගනිද්දී ජේවීපී භීෂණය දියත්කර ජේ.ආර් විරෝදීන් සියල්ලෝම එකතු වී එජාප සභාපති හර්ෂ ඇතුළු ජේ.ආර්. හිතවාදීන් 6000ක් මරා කරපු පාහර වැඩ නිසා ජෙ.ආර්. ගෙන් ගතහැකිව තිබූ ප්‍රයෝජනය රට වැසියන්ට අහිමි කරමින් නිසි කල පැමිණි බැවින් එතුමා දේශපාලනයට සමුදුන්හ. මෙවරත් පාස්කු ඉරිදා ප්‍රහාරය සමග සිදුවෙන්නට ගිය එවැනි මහා විපතක් වළක්වාගැනීමට රනිල් සමත් විය.