(ඩබ්. ඒ. පියතිලක)
ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකා 550 ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු පොළොන්නරුව නවනගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසියෙකු පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඔහුන් ගමන් ගත් යතුරු පැදිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පෙරලුනොත් ගෙදර යන්න වේවි කියා මුදාහරින්න ඇති.
සමන්ත, ඔය එන්නේ නියම ඡන්ද ප්‍රතිඵල එළියට. අපි දැනගෙන හිටියා මේ ආණ්ඩුව තමන් ගැනවත්, තමන්ගේ තරම් ගැනවත් දන්නේ නැති නිසා කෙලවගන්නවා කියලා. අපි කළ යුතු හැමදේම කළා. එත් දැන් අපිට කරන්න දෙයක් නෑ. සජිත්ව උස්සගෙන ඇවිත් බලෙන් තියපු අය එක්ක පශ්චාත් පරීක්ෂණ තියනවා ඇරෙන්න. ඉතාම සුක්ෂමව වැඩේ දුන්න බව විතරක් දැනට දන්නවා. තව දේවල් ඉදිරියට දැනගන්න ලැබෙයි. එත් නිතිය, යුක්තිය බල්ලට ගියාම ඒවාගෙන් වැඩක් නැතිවෙයි.