IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


තැපැල් කාර්යාල අරින්න බැරි බව වෘත්තිය සමිති කියති

විනීතා එම්  ගමගේ  

කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට  පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ තීරණය කොට ඇත. 

ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන බව එම වෘත්තිය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත දන්වා යවා ඇත.

කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙස දන්වා ඇතත් කිසිදු උප තැපැල් කාර්යාලයක් මේ වනතුරු විෂබීජහරණයකට ලක්කර නැති අතර බොහෝ තැපැල්කාර්යාලවලද තතත්වය එයම යැයි තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ තැපැල්පතිවරයා වෙත යවන ලද එම ලිපියේ සඳහන් වේ.

සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට පරිසරය සකසන තුරු ⁣තැපැල්  හල් විවෘත නොකිරීමට තම වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කලේ යැයි ද එම ලිපියේ සඳහන්ව ඇත.

එමෙන්ම  සෞඛ්‍යාරක්ෂිත පරිසරයක කටයුුතු කිරීම තුල රට වැසියන්ගේ ආරක්ෂාව ද සහතික වන බවත් පලදායි සේවයක් සැපයිය හැකි වන බවත් එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (9)

තැපැල් කාර්යාල අරින්න බැරි බව වෘත්තිය සමිති කියති

wije Saturday, 02 May 2020 03:55 PM

අනේ එහෙම කරන්න එපා. එතකොට කොහොමද ඒගොල්ලෝ චන්දය තියන්නේ පොඩ්ඩක් නම්‍යශීලී වෙන්නකෝ ...

:       41       571

lalithm Saturday, 02 May 2020 07:42 PM

ඔන්න එතකොට නම් නියම රජයේ සේවකයෝ වුණා. කොහොම හිටියත් මාසේ අන්තිමට ගාන හරිනේ?

:       542       60

වසන්ත වීරසේන Sunday, 03 May 2020 02:03 AM

මෙම තීරණය හරි එකක්ද.?

:       0       0

Dilan Sunday, 03 May 2020 02:05 AM

මෙච්චර කල් වහලා තිබ්බ එකක් මොකට ද විෂබීජහරණය කරන්නේ ?

:       0       0

sas Sunday, 03 May 2020 02:07 AM

හරි තීරණයක්

:       0       0

de silva Sunday, 03 May 2020 02:10 AM

ඔය රටවැසියන්ට තිබෙන ආදරේ කොරෝන නැති කලෙත් සේවය සපයනකොට තිබෙනවා නම් කොපමණ හොඳද ?

:       0       0

wimal Sunday, 03 May 2020 02:22 AM

මේවගේ වුර්තිය සමිති නොතිබුණු හින්ද සහ මේවගේ වැඩ නොකර හින්ද තමයි චීනය, ඇමරිකාව සහ මුලු යුරෝපයම කොන්ද කඩා ගත්තේ,.

:       0       0

thilak Sunday, 03 May 2020 03:38 AM

සමහර වැඩ කිරීම අනතුරුදායකයි, මේ හදිස්සිය මැතිවරණය තියාගන්න වගේ, මීට ඉස්සරත් නාමයෝජනා දෙනකොටත් හදිසි වෙලා කොරෝන වරින් අනාගත්ත,

:       0       0

Darshana Sunday, 03 May 2020 04:09 AM

ආණ්ඩුව මෙම මෘගයින්ට වැටුප් දීම වහාම නැවැත්විය යුතුයි. එහෙම නැත්නම් මේ අය පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. නරකද මේ අයට වැඩ වරන වෙලාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එක්ක සම්බන්ධ වී විෂබීජ හරණයට මාර්ගයක් හෙව්වනම්. මේ වෙලාව ආණ්ඩුවෙන්ම ඉල්ලලානේ. නැතිව තමනුත් රට වෙනුවෙන් පුළුවන් දෙයක් කළානම් නේද තමන් ගන්න පඩියට සාධාරණයක් වෙන්නේ???

:       109       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site