රොමේෂ් මධුෂංඛ
මුලතිව් මල්ලාවි පොලිස් බල ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රදේශයේ අවුරුදු 3ක් වයසැති කුඩා දැරියක් නිවසේ ජල ටැංකියකට වැටී දියේ ගිලීම නිසා මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.
මිය ගිය දැරිය තුනුක්කායි ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනක් වයසැති ඊ. දුෂාණි නැමති දැරිය මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
දැරියගේ පියා සිය ගවයින්ට තණකොළ රැගෙන ඒම පිණිස නිවසෙන් පිටව ගොස් ඇත්තේ දැරිය මුත්තනුවන්ගේ නිවසේ තබා වන අතර එහිදී දැරිය නෑවීමට සූදානම් වන අවස්ථාවේදී නිවැසියන් නෑවීමට පෙර දැරිය ටැංකිය මතට නැගීම හේතුවෙන් ටැංකිය තුලට වැටී ඇත.
අනතුරුව දියේගිලුණු දැරිය මල්ලාවි රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට අනාවරණය විය.
එම සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවි පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ. හරිම කණගාටුයි. අහිංසක දු පැටියකු රටට නැතිවුනා. දරුවාට නිවන්සුව අත්වේවා !!!
දැරියට නිවන් සුව