(ඩයනා උදයංගනී)
කොවිඩ් වැළඳී ඇත්ද යන්න නිවසේදීම පරීක්‍ෂා කරගත හැකි ස්වයං රෝග විනිශ්චය කට්ටල මෙරටටත් ගෙන්වීම ගැන මේ වන විට සාකච්ඡා කෙරීගෙන යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
තමා කොවිඩ් ආසාදිතයකු ද යන්න තනිව පරීක්‍ෂා කරගැනීමේ ස්වයං රෝග විනිශ්චය කට්ටල වෙනත් රටවල භාවිතා වන බව කී වෛද්‍යවරයා ඒවා මෙරටට ලබාගත හැකිද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ රසායනාගාර සේවා අංශයේ අවධානය යොමුව තිබෙන බව ද සඳහන් කළේය.
එම කට්ටල ලැබුණොත් ගෙදරදීම පරීක්‍ෂණය කරගත හැකි බව ද හෙතෙම කීවේය.
වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ජෝර්ජ් ස්ටුවර්ට් එකට විතරද ගෙන්නන්න දෙන්නේ?