(ඉන්දිකා රාමනායක)
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හය දෙනා සහ අලියා මියගොස් ඇත්තේ විෂ වර්ගයක් ශරීරගත වීමෙන් බවට සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි සංචාර සංවර්ධන, වනජීවි හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
කුමන විෂ වර්ගයක් ශරීරගත වී ඇති ද, ඒවා ශරීරගත කර ඇත්තේ කුමන අයුරින් ද යන්න රස පරීක්ෂක වාර්තාව මගින් ඉදිරියේ හෙළි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඇතින්නියන් හය දෙනාගේ සහ අලියාගේ සිරුරු ඉකුත් (27) දින සොයාගෙන තිබුණි.
මරණයට නිශ්විත හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඔවුන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් ද පත්කර ඇත.
COMMENTS
මේ දවස් වල අලින්ට අපල . මෙහෙ 7යි . තායිලන්තේ ඇල්ලකින් වැටිලා 10 යි
මේවා නිධන් හොරුන්ගේ වැඩක් වෙන්න ඕනෑ...
මෙච්චරයි අඩුවකට තිබ්බේ... දැන් ඇතුණුත් වස දීලා මරනවා.
කමිටු නෙමේ.... වරදකරුවන් හොයන්න. තව වසර කීපයකින් ලංකාවේ අලි සම්පත ඉවරයි. කාලකන්නි දේශපාලකයෝ මේවට වගකියන්න ඕනෑ.
මේක ගෝඨාගේ වැඩක්...
දේශපාලලාගේ කියමන්නේ? රස පරීක්ෂක වාර්තාව එනකන් ඉවසනවාද? නැතිනම් පිළිගන්නවාද?