(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව ,රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ .
එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලම ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ,ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී ඇතැයි ද පැවසේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් හමු වූ අතර ,එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ .
ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම අද හෙටම සිදුවනු ඇතැයි ඇතැයි ද පැවසේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.