IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තිදරු පියකුට පහරදී මරලා

(පාලිත ආරියවංශ)

බදුල්ල, අසේලපුර, ගම්මානයේදී  තිදරු පියකු පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මරණකරුගේ නිවසට ගල් ගැසුවේ යැයි සැකකරුවන් හා මරණකරු අතර ඇතිවූ බහින් බස් වීමකින් මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි .

මෙසේ මරණයට පත්ව ඩී.එම්.චන්ද්‍රෙස්න (65) නමැති විශ්‍රාමික මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරියෙකි .

තුවාලකරු සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවද රෝහල් පොලිසිය කියයි .

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා නිලධාරියා තමාට තුවාල සිදුවූ බව පවසමින් බදුල්ල මහ රෝහලට ඇතුලත් ව සිටියදී අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරුවන් දෙදෙනාද කෙටි වේලාවක් තුළදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය සඳහන්කළේය .

 



අදහස් (5)

තිදරු පියකුට පහරදී මරලා

පැරකුම් Sunday, 03 October 2021 08:22 PM

මෙන්න අපේ රණ විරුවකුගේ තවත් වික්‍රමයක්…! හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටලු…!

:       7       30

චතුක Monday, 04 October 2021 08:16 AM

කුරිරු ලක්ෂණ රටපුරාම ඉස්මතු වෙමින් පවතියි. වහාම දඬුවම් දෙන්න

:       0       0

ramesh Monday, 04 October 2021 08:50 AM

අපේ හමුදාව හොඳටම වැඩ පෙන්නවා දැන්

:       0       0

Ishan Monday, 04 October 2021 12:08 PM

ඒ අයව හිරේ දාලා බොරුවට කන්න බොන්න දීලා හුරතල් කරනවාට වඩා එක පාරින්ම ප්‍රසිද්ධියේ මරණ දඬුවම දෙන්න...

:       0       1

fairoos Monday, 04 October 2021 12:47 PM

දැන් ආණ්ඩුවේත් ඉන්නේ මේ වගේ විශ්‍රාම ගිය අය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site