(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා අද (12) පෙරවරුවේ පැවසීය.
බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරි බවත් ‘ඇෆ්ලටොක්සීන්‘ සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් රවිප‍්‍රිය මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘තත්ත්ව සහතික ලැබෙන තෙක් සැක භාණ්ඩ නිදහස් කරන්නේ නෑ‘‘
Rasika Monday, 12 April 2021 07:00 AM
සහතිකය එනකලින් බෙදලා ඉවරයි... අන්තිමට සහතිකය අල්මාරියේ....
Ranjith Monday, 12 April 2021 08:37 AM
හරිම ෂෝක් තීරණයක්. "තත්ව සහතිකය ලැබෙන තෙක් එම බඩු ආනයනකරුගේ ගබඩාවලටම මුදාහරින" එක නරියට කුකුල් කොටුව පොඩ්ඩකට බලාගන්න කියල බාරදෙනවා වගේ වැඩක් වෙන්න බැහැ නේද? යුද්ධ කරනවා වගේ නෙවේ රටක් පාලනය කරන එක හරිම අබිලික් වැඩක් නේද මේජර් ජෙනරාල් මහත්තයෝ?
priyantha Monday, 12 April 2021 10:36 AM
අහෝ සර් , මෙච්චර දවසක් නිදහස් කරපුවා... ?
ඇෆලටොකු Tuesday, 13 April 2021 05:17 AM
මෙයා හිතන් ඉන්නේ ජනතාව බූරුවන් කියලා. මුලින් කිව්වා එස්.එල්.එස්.. අනුමත කරපු නිසා නිදහස් කරා කියලා. පස්සේ කියනවා ගුදම්වල ඉඩ නැති නිසා නිදහස් කරාලු. බොරු කයියයි, සෝබනේ නම් තියනවා වැඩ නැති වුණාට...