(නාලක සංජීව දහනායක)
දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම වසරේදී එම වර්ගයේ බස් රථ 2000ක් පමණ ගෙන්වීමට තීරණය කර ඇති බව අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
තට්ටුව පහත් බස්රථවලට ගොඩවීම පහසුවන අතර එම බස් රථවල ඉඩ පහසුකමද සාමාන්‍ය බස් රථවලට වඩා වැඩි බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික අංශය වර්තමානයේදී මෙරටට ගෙන්වන්නේ ලොරි තට්ටුවක් බස් රථයක් සේ සකස් කළ බස්රථ බවත් ඒවායේ ගමන් කිරීමේදී හා ගොඩවීමේදී මගින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවද ඔහු කීය.
එබැවින් ඉදිරියේදී එවැනි බස්රථ ගෙන්වීම නතර කර පතුල් පහත් බස් රථ ගෙන්වීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තට්ටුව පහත් බස් රථ 2,000ක්
sena Monday, 06 January 2020 12:09 PM
ඕක ලංකාවේ පාරවල්වල ගොඩැලි සහිත පාරවල්වලට ගැලපෙනවාද? දැනට අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද? හොඳයි කියමු බලන්න කාටද කොමිස් කුට්ටිය යන්නේ කියලා...?
dilanMonday, 06 January 2020 01:54 PM
මට කොහේදී හරි දැකපු කවියක් මතක් වුණා. ලොවේ කිසිවක ගුණක් නොදකින වැදු මවුගේත් දොසක් දකිමින් නරුම මිනිසුන් ලොවේ යහමින් වසන බව දැන ගතයුතුයි.
Gamarala Monday, 06 January 2020 03:59 PM
වනචාරීන්ට මේවා මැජික් . දැන් තියන ලොරි බස්වල ගියාම මගින් නිකන්ම ලෙඩ වෙනවා.ලෙඩ්ඩු ?
Gamarala Monday, 06 January 2020 03:59 PM
වනචාරීන්ට මේවා මැජික් . දැන් තියන ලොරි බස්වල ගියාම මගින් නිකන්ම ලෙඩ වෙනවා.ලෙඩ්ඩු ?
sirima Monday, 06 January 2020 12:10 PM
මෙම බස් මිලදීගෙන ඇත්තේ පසුගිය රජයෙන් නේද? කොළඹ සැහැල්ලු දුම්රිය පටන්ගත්තෙත් මේ රජයෙන් කියලා ඊළඟට කියයි.
DilanMonday, 06 January 2020 01:42 PM
තීරණය මොන රජයේ වුණත් කමක් නැහැ. ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මොකද අපි බස්වල ගමන් යන්නේ? ඒකෙ තියන අමාරුව දන්නේ බස් වල යන අය...
ThiwMonday, 06 January 2020 01:52 PM
ඇත්තටම සැහැල්ලු දුම්රිය සැලසුම ගෙනාවේ 2015ට කලින් ආණ්ඩුවෙන් තමයි.
අර්ජුන්Monday, 06 January 2020 02:33 PM
මොන රජයෙන් ගත්තත් මේවා අපි කන හාල්, සීනිවලට ගහන බදුවලින් ගන්න ඒවා. නැතිව දේශපාලුවන්ගේ සාක්කුවෙන් දීලාගන්න ඒවාද? වහලෙක් වෙන්න එපා.
රවින් Monday, 06 January 2020 12:39 PM
ගිය ආණ්ඩුව කාලේ නේද මේ වසරේ සිට මේ විදියේ බස් ගේන්න තීරණයක් ගත්තාය කියලා පුවත් නිකුත් කරලා තිබුනේ? තවත් තිබුණා ලොරි චැසි බස් නොවේ.... බස් චැසි බස් පමණයි ගෙන්නන්න දෙන්නේ කියලත්. අපි ඉතිහාසය ගැන සෙවිල්ලෙන් ඉන්නේ...
chinthakaMonday, 06 January 2020 01:43 PM
දැන් අපි ඕකට කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඕනෑ? ගිය ආණ්ඩුව ගත්තා නම් තමයි..., ඒවා තමයි අර ප්‍රසන්න රණතුංග මහත්තයා ගිහිල්ලා ඇල්ලුවේ. අවුරුදු ගණන් කොටඋඩ තියන ප්ලේන්, බස් වගේ ඒවා...
menna Monday, 06 January 2020 01:40 PM
තට්ටුව පහත් බස් හොඳයි. ඒ වගේම ලංකාවේ පාරවල් වල පළලට හරියන ප්‍රමාණයේ බස්ද වුණොත් හොඳයි. දැනට තියෙන අසෝක් ලේලන්ඩ් බසුයි අනෙකුත් බසුයි ලොකු වැඩියි. මිනිස්සු හැප්පිලා මැරෙන එක අහන්න දෙයක්ද?
සංජු Monday, 06 January 2020 02:22 PM
මේක යහපාලන රජයේ ගත් තීරණයක්. ඒ අනුව නියමු බස්රථ පවා ගෙනත් දැනටත් ධාවනය වනවා. මේ ඊයේ, පෙරේදා ආපු ඈයෝ කරපු දෙයක් නැහැ. එළවලු මිල අහස උසට. එව්වා ගැන කතාබහක් නැහැ...
gamarala Monday, 06 January 2020 04:06 PM
තාම එළවලු හිටවලා යන්තම් මාසයයි. දැන් නෙලන්නේ පහුගිය ආණ්ඩුව හිටෝපුවා. දැන් හිටෝපුව නෙලනකොට මිල පහළ බහියි.
De Monday, 06 January 2020 03:17 PM
මේවා අහලා පණ යනවා. බුදු මහත්තයෝ තවත් නම් බදු ගෙවන්න අපිට පණ නෑ.
samurai Monday, 06 January 2020 04:27 PM
අපිට අවශ්‍ය වායු දූෂණයෙන් තොර ඉලෙක්ට්‍රික් හරි ගෑස්වලින් දුවන වාහන, එහෙම නැතුව මේ වගේ මීහරක් වැඩ නොවේ.