(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ ඝාතන සිද්ධියේ පළවෙනි සැකකරු වූ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නීතිපති උපදෙස් මත එම සිද්ධියෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අදා (27) නියෝග කළාය.
මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ප්‍රකාරව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බවත් මෙහි තෙවන සැකකරු වූ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා විහිළුවක් වෙලා. අවුරුදු 10 කට පසුවත් නඩුවක් නැහැ.
හුරේ... ඡන්දෙ එනවා...
චන්ද කාලේට මතුවෙන අමුතු සිද්ධි
1) ලසන්ත නාටකය 2) සයිටම් නාටකය 3) තාජුදීන් නාටකය මේවා අතරින් රාජ්‍ය සම්මාන ලබන නාටකය නම් කර තෑගි දිනාගන්න : නිර්දේශිත අනිකුත් නම් a ) මරණ දඬුවම් නාටකය b ) පාර්ලිමේන්තු තේරීම් සබා නොහොත් සහරාන් නාටකය
කොහොමත් එහෙම තමා. මුදාහරිනවා. චන්දය කිට්ටු වුනාම ඔක්කොම එලියට.
එකම බොරුව නැවත නැවත කියන කොට ඇත්ත වෙනවා.
ඔව් ඔව්, අර ලොකු මහත්තයෙක් කිව්වනේ මට හොරා හොරා හොරා කියලා එකම බොරුව නැවත නැවත කියන කොට ඇත්ත වුණා කියලා...