IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තංගල්ල නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

අනීෂා මානගේ                                          

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සහ පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවලදී ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේදී අද(28) පැවැති සභාවාරයේදී නාගරික මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර කතාබහ පවතිද්දී ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගැබෙන් පිටව ගොස් තිබිණි. 

තංගල්ල නගර සභාවේ පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාගරික මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  නාගරික මන්ත්‍රීවරු අතර මෙලෙස උණුසුම් කතාබහක් ඇති විය. 

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස රට පාලනය කිරීම සම්බන්ධයෙන් සිය විශේෂ ස්තූතිය එතුමාට පුද කරන බවට පොදුජන පෙරමුණෙහි නාගරික මන්ත්‍රී විමල් හේවා දුනුවිල මහතා සභාවාරයේදී ප්‍රකාශ කිරීමෙන් පසුව මෙලෙස සභාවේ මන්ත්‍රීවරුන් සහ සභාපතිවරයා අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 

ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව සහ ව්‍යවස්ථානූකූල නොවන අන්දමින් පාලනය කිරීම හෙළා දකින බව සභාපති රවිඳු දිල්ෂාන් මහතා පැවසීය. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධීව අගමැතිවරයා පත්කර ගැනීම සිදුව ඇතැයිද මේ හේතුවෙන් විමල් හේවා දුනුවිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ජේ.එම්.සී.ඩීජයසුන්දර මහතා පැවසීය.

අගමැතිවරයා පත් කිරීම, බිරියට නොකියා අලුත් බිරියක් ගත්තාක් මෙන් යැයි එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ගනේෂ් ප්‍රියංකර මහතා පැවසීය. රටේ පවතින නීතීයට අනූකූල නොවන අන්දමින් අගමැතිවරයා පත්කර ඇතැයි ද තවමත් අගමැතිවරයා ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු පැවසුවේය.  

මෛත්‍රීපාල ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලෙස පත්කිරීමට හැකිනම් මහින්ද රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන්ම පත්කිරීමට හැකියාව ඇතැයිද පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී ගයාන් සමිද්ද මන්ත්‍රීවරයා පැවසීය. 



අදහස් (0)

තංගල්ල නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site