
(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය හමුවේ තිබෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීම බවට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
මේ තත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව දෙගිඩියාවක පසුවන බවද වාර්තා වේ.
ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් හිඟය බරපතළ ලෙස බලපා ඇති බැවින් ,තවදුරටත් ප්‍රමාද නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා යොමු විය යුතුයැයි ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පැවති කැබිනට් රැස්වීමේ දී ඩොලර් අර්බුදය බරපතළ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර , ඉන්ධන ගෙන්වීම සඳහා පමණක් මසකට ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඉන්ධන මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා ගත් උත්සාහය සාර්ථක වී නැතැයි පෙන්වා දී ඇති ඔහු සංස්ථාවේ තිබෙන තත්වය අනුව ලබන පෙබරවාරි මාසයෙන් පසුව තෙල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දී ඇතැයි වාර්තා වේ
ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම කිසිසේත් අනුමත නොකරන බවට බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටින බවද දැනගන්නට ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් කොන්දේසි පනවනු ඇති බවත්, ජනතාවගේ සුබ සාධන කටයුතු ආදිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත්, ඒවා ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි මාර්ග සඳහන් කරයි.
COMMENTS
ජනතාවගේ සුබ සාධනය නෙවේ 225 හැතිකරේ සුබසාධනය කප්පාදුවට බයේ.
මෙවැනි දේට විරුද්ධ වන උදවිය, රටට අවශ්‍ය ඩොලර් උපයා ගත හැකි විකල්ප මාර්ග ඉදිරිපත් කල යුතුයි.
ණය ගෙවන්න ණය අරන් ඒ සල්ලිත් ඉවර උනාම මොකද කරන්නේ.?
අපි මාසෙකට ඩොලර් 350ක් ඉන්ධන වලට වැය කරලා මොනවද කරන්නේ කියල හෙව්වොත් නරකද . ඩොලර් මිලියන 350න බාගයක් වියදම් කරලා හොඳ බස් ටිකක් පාරට දාල ,මිනිස්සුන්ට වැඩට එන්න හොඳ ප්‍රසස්ථ ප්‍රවාහන සේවයක් හැදුවා නම් ඕකෙන් බාගයක් ඉතිරි කරගන්න පුළුවනි. මිනිස්සු මෝටර් සයිකල් ,කාර්, අරගෙන වැඩට එන්නේ කරන්න දෙයක් .නැතිකමට .කොට කොටා එන බස් වල ,තෙරපිලා දාඩිය පෙරාගෙන වැඩට එන්න කවුද කැමති ? හැම පක්ෂේකම ඇති උද්දච්ච කම සහ හොරකම එකතු වෙලා ,පාර්ලිමේන්තුවේ එකතු වෙලා ගන්න ඕනේ රටේ ප්‍රතිපත්ති මය තීරණ එකක් වත් ගන්නේ නැහැ.
කොන්දේසි තුළින් ජනතාවට හානියක් වන්නේ නැත. IMF මගින් ගන්න ණය නිසි ලෙස පාවිච්චි කරනවාද යන්න සොයා බැලීමක් ඔඋන් විසින් සිදු කරනු ලැබේ. මේ නිසා හොරකමට මග ඇහිරීමක් ඇත.
ගෙදර ගියොත් අඹු නසී මඟ උන්නොත් තෝ නසී තත්වයක් නේද?
විරුද්ධව සිටින වාසු වැන්නෝ විරුද්ධව සිටින්නේ මෙම යෝජනාව මෙයට කලින් ඉදිරිපත් කලේ එ ජා ප නායක රනිල් නිසාත් එයින් ණය ගත්තොත් එයින් ගසාකෑමට නොහැකි වන නිසා කියලා තේරෙන්නෙම නැද්ද.?
ෂුවර් එකටම මොළ හතානෝ වගේ කොමිස් කාක්කෝ වෙන්ඩැති අංචිය අදින්නේ. අයි.එම්.එෆ් එකෙන් ණය අරන් හොරාකන්ඩ අමාරුයි නේ.
මිනිස්සු විරෝධතා පා ගමන් යන්ඩ ඕන අර පාලකයාව පත් කරන්ඩ මේ පාලකයව පත් කරන්ඩ කියලා නෙමේ. මේ විදිහට මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු උන් අල්ලන්ඩ, අයුතු විදිහට උපයගත්තු ධනය රාජසන්තක කරන්ඩ කියලා. එහෙම නැතුව මොන පක්ෂ ආවත් ණය බරින් නිදහස් වෙන්ඩ බැහැ. ඔය නිරුපමා ලගේ , පාස්කි ලාගේ ගිණුම් වල තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි. මේ මිනිස්සුන්ගේ අසරණ කම පෙන්නලා, හම්බෙච්ච විදේශ ආධාර. මෙච්චර අහේනි වෙලවකත් ඒවා රාජසන්තක කරලා, ණය ගෙවන්ඩ නීති හදාගන්ඩ රටේ මිනිස්සුන්ට බැරි නන් ආයේ කවදාවත් මිනිස්සුන්ට ගොඩ ඒමක් නැහැ.
ඇයි අපි තව ණය ගන්නේ. කොමිස් ගහල හොරා කාපු උන් ගාව ඇත්තේ අපේ සල්ලි නේ. ඒවා ආණ්ඩුවට පවර ගන්ඩ නීති හැදුවනන්, රට ගොඩේ ම ගොඩ. ඒවාට එක රැයින් නීති හදන්ඩ බැරිද දන්නෑ?
කප්පාදු කරන්න අපට ලැබෙන සුභසාධනය කුමක්ද.?
එහෙන් සපුකස්කන්ද තෙල් පිරිපහදු වහලා . නොරච්චෝල ගල් අඟුරු බලාගාරයේ තත්වයත් අවිනිශ්විතයි. මෙහෙන් මේ කර්මාන්ත ශාලාව විවෘර්ත කරනවා. මේක හරි දුෂණයෙන් සහ පාඩුවෙන් තොරව සාර්ථකව පවත්වාගන යනවා නම් හොඳයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජනතාවගේ සුබ සාධන කටයුතුවලට කප්පාදු පනවන්න එක නම් නැහැ. මේක ආණ්ඩුවේ බොරුවක්. නමුත් රටතුල අධිකරණයේ සුවාධීනත්වය, මාද්‍ය නිදහස්, මානව හිමිකම් පිළිබඳව, දේශපාලන නිදහස්, අසාදාරන ලෙස සිරගතකරලා ඉන්න අය පිළිබඳව ඔවුන් අවධානය යොමු කරාවි. මේවා විය යුතුයි.
මූල්‍ය අරමුදලට ගිහිල්ලා සාකච්ඡා කරන එක කල යුතුය . රට වැසීමේ ප්‍රතිඵලය තමා මේ. අපි ඇමරිකාව ට දොස් කිවුවා මිනිස්සු මැරෙන්න ඉඩ හැරලා රට විවෘත කරගෙන හිටියා කියල. නමුත් එහි ප්‍රතිඵලය ඇමරිකාව අද බුක්ති විඳිනව ආර්ථික ප්‍රශ්න එහි නැහැ . ලොක් ඩවුන් කරපු හැම රටක් ම ආර්ථික අර්බුදයක් මතු කරගෙන. මින් පසු ලංකාවෙ කොතරම් කොවිඩ් තිබුණ ත් රට වහන්න එපා. ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුය . රෝග ව්‍යාප්තිය පාලනය තියෙන්නේ ජනතාව අතේ.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් කොන්දේසි පනවනු ඇති බවත්, ජනතාවගේ සුබ සාධන කටයුතු ආදිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත්, ඒවා ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි මාර්ග සඳහන් කරයි." සුබසාධන බෝඩ් ලැල්ල මුවාවෙන් කොමිස් සහ ව්‍යාපාර ? රට වලපල්ලට !!
විරුද්ධ වෙන්නේ හොරුන්ට, හොර සල්ලි වලින් ධනපතියන් බවට පත්වුන අයට සහ දේශපාලන වාසි සඳහා දීලා තියෙන සහන කපයි කියලා තියෙන බයට.
නෑ නෑ එහෙම නෙමේ, ණය දෙයිද නැද්ද කියන දෙගිඩියාව