(මහේෂ් කීර්තිරත්න)
මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ඇප මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉන්දික අත්තනායක මහතා අද(09) නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදාහැරීමට මෙහිදී නියෝග කෙරිණි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අලුවිහාරේ මහතාගේ රියදුරු වන පුවන් කුමාර යන අයද ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉකුත් 07 වෙනිදා නගරාධිපතිවරයා හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරනු අයෙකු මාතලේ නගරයේදී තමාට පහරදුන් බවට එම්. මෝගන් නැමති නාගරික මන්ත්‍රීවරයා මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව නගරාධිපතිවරයාව හා ඔහුගේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නගරාධිපතිවරයාගේ රියදුරු සහ පහරකෑමට ලක්වූ බව කියන නාගරික මන්ත්‍රීවරයා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.
ඇප ලැබිමෙන් පසුව අධිකරණයනේ පිටතට පැමිණි නගරාධිපති ඩල්ජිත් අලුවිහාර් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීම නිසා තමන්ට ඇප හිමිවු බවත්ය. තමන් නගරයේ ප්‍රධාන පුරවැසියා බව කී ඒ මහතා පොලිසියේ ක්‍රියා කලාපය හෙළා දකින බවත් නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකු කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවද පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩල්ජිත්ට ඇප
නන්නාදුනන හාදයා Thursday, 09 January 2020 01:12 PM
නගරයේ ප්‍රධාන පුරවැසියා..? ඒකද මිනිස්සුන්ට ගහන්නේ..? ඔය වගේ වැඩ ඒ කාලේ කාලේ අප්‍රිකාවේ හිටපු වනචාරීන්. මහත්වරුනේ ප්‍රධාන පුරවසියා වේවා.. ඕනෑම දේශපාලුවෙක් වේවා.. යමෙකුට අතක් ඉස්සුවොත්, ගැහැව්වොත් ගහන්න. ආයේ නොනැගිටින්නම ගහන්න. කට්ටියම එකතුවෙලා ගහන්න...