(නිමල කොඩිතුවක්කු)
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මේ වනවිට සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති ඩ්‍රෝන යානා සංඛ්‍යාව 500ක් පමණ වේ.
ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියටද මේ යටතේ අවස්ථාව හිමිවේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම තාවකාලික තහනම් කෙරිණි.
මෙම සංගණනයෙන් පසු එම තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd