
(යොහාන් භාසුර)
දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය.
මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කී විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය උණ රෝගය වැළදුණ හොත් එය ඩෙංගු වියහැකි බව අනුමාන කර දින දෙකකට වඩා උණ තියේ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් සෙනෙවිරත්න මහත්මිය කීවාය.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd