IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

(ඩයනා උදයංගනී)

පසුගිය වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම වසරේ ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාසයේ දී රෝගීන් 2,997 ක් ද, මෙම මාසයේ ගත වූ දින 29 තුළ රෝගීන් 3,029 ක් ද වාර්තා වී ඇත.

මෙම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 70ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් දැනට පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළයාමේ අවදානමක් ඇති බවත් එම ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය වයිරස් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති අතර වයිරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බැවින් පහත සදහන් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයෙන් ආරක්‍ෂාවීම, රෝග ලක්‍ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 



අදහස් (1)

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Sri Lanka Thursday, 29 July 2021 07:18 PM

කොරෝනාවලට දුන්නු තැන ඩෙංගුවලට දුන්නා නම් මෙලහකටත් අපේ ජීවිත, අපේ රුධිරය බේරිලා.. වෙනස තියෙන්නේ ඩෙංගුවලින් හම්බ කරන්න අමාරුයි. කොරෝනාවලින් හොඳට හම්බ කරන්න පුළුවන්.. ස්තුතියි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site