(යොහාන් භාසුර)
වර්ෂාවත් සමඟ ‘ඩෙංගු’ රෝගය පැතිර යෑමේ අවදානමක් තිබීම නිසා නිවාසවල සහ රාජ්‍ය ආයතනවල මඳුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
‘කොවිඩ්’ තත්වයත් සමඟ රටේ පැවැති වාතාවරණය හේතුවෙන් මේ පිළිබඳව සියලු දෙනාගේ අවදානයෙන් මඟ හැරී තිබූ බවත් ඉදිරියේදී එවැනි ස්ථාන පරීක්‍ෂා කර නීති ක්‍රියාත්මක කරන බවත් උපුල් රෝහණ මහතා කීය.
‘කොවිඩ්’ රෝගයත් සමඟ ඩෙංගු රෝග වේගයෙන් පැතිර ගියහොත් දැඩි ව්‍යාකූල තත්වයක් ඇති විය හැකි බව කී උපුල් රෝහණ මහතා ඩෙංගු රෝගයට හිස එසවීමට ඉඩ දුනහොත් බරපතල අර්බුදකාරී තත්වයකට තල්ලු වියහැකි බවත් සඳහන් කළේය.
COMMENTS
ඔය ඔක්කොටොම වඩා 'මාරයෙක්' හිස ඔසවලා රටින් තුන්කාලක්ම දැන් ගිහිල්ලා ඉවරයි.
මාව මට්ට්ටු කරන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව පාලනය තන්ත්‍රය සුද්ද කරලා ඉන්න.