
(සුජිත් හේවාජුලිගේ )
රටේ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
ඩෙංගු 3 ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අමාරු වන බවත් විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම නව ප්‍රභේදය තදින්ම පැතිරෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මේරටේ මේදක්වා පැතිර පැවතුණේ ඩෙංගු 2 ප්‍රභේද බව පැවසූ දීපාල් පෙරේරා මහතා යමකුට දින දෙක තුන එක දිගට උණ පවතී නම් වහාම පරීක්ෂණවලට යොමුවන ලෙස ඉල්ලීමක් කරයි.
ඩෙංගු මදුරුවා සීඝ්‍රයෙන් බෝ වන හෙයින් මදුරුවන් බෝවීමට හැකි ස්ථාන( උපස්තර) වහාම විනාශ කිරීමට කටයුතු කළ යුතු බවත් එමගින් ඩෙංගු පැතිරීම පාලනය කරගත හැකි වන බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ඩෙංගු වැළඳුණු දරුවෝ පනස් දෙනෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝග බය පතුරවනවට හෙන ගහනවා