IMG-LOGO

2024 ජුලි මස 22 වන සඳුදා


ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් මහතා පවසයි.

 

"ඔබ කවර තරාතිරමක අයෙකු වුවත් ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි. ට්‍රම්ප් යළි ධූරයට පත්වූවද ගිණුම නැවත සක්‍රීය කරනු නොලැබේ." යනුවෙන් මේ සම්බන්දව අදහස් දක්වමින් සේගල් මහතා පැවසීය.

 

තම කණ්ඩායම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිනුම තහනම් කිරීමේ කාරණය සම්බන්ධව සුභවාදී අදහස් දක්වන පිරිසක් තමා වටා සිටින බවත් සිටින බවත් සේගල් මහතා වැඩිදුරටත් පැවසීය.

 

පසුගිය ජනවාරි 06 වැනි දා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කලබලයෙන් පසුව ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කරන ලදී.

 

එම අවස්ථාවේදි වැරදි තොරතුරු ‍හුවමාරු කරගැනීම හේතුවෙන් ට්විටර් ගිණුම් 70,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටවන ලදී. එම ගිණුම් හිමියන් අතර ට්‍රම්ප්ගේ ඉහල පෙළේ ආධාරකරුවෝ පිරිසක් ද සිටිති. 

 

සේගල් මහතා මෙසේ ද පැවසීය.

 

"අපගේ ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නැති බවට වගවීම සඳහා වන අතර යමෙකු ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නම් අප ඔවුන්ව සේවයෙන් ඉවත් කළ යුතුය. ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට ට්වීටර් ගිණුම භාවිතා කළ නොහැකි බව අප වසර ගනනාවකට පෙර පැහැදිලි කළෙමු. අපගේ ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීම සම්බන්දයෙන් අප දිගටම විනිවිද භාවයෙන් කටයුතු කරන්නෙමු."

 

(ඩේලි මේල් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක නායකයෝ විලාසිතා දැක්මක....
2024 ජුලි මස 22 185 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකය


ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක්
2024 ජුලි මස 22 83 0

ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9


ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක්
2024 ජුලි මස 22 337 0

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී


විසි දෙක 26 මැතිසබයට?
2024 ජුලි මස 22 340 0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර


අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්
2024 ජුලි මස 22 321 0

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හ


ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
2024 ජුලි මස 22 438 0

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1069 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1928 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site