අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ධවල මන්දිරය තහවුරු කළේය.
එහි වත්මන් සභාපතිධූරය දරන ජිම් යොන් කිම් මහතා සභාපති ධූරයෙන් ඉවත් වන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමග අනුප්‍රාප්තික තනතුර සදහා ඇගේ නම යෝජනා කර ඇත.
එම තනතුර සඳහා ට්‍රම්ප් මහතාගේ බිරිඳ ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කර නමුත්, ඒ සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් තරග නොවදින බව නිවේදනය කර ඇත.
පසුගිය දෙවසර තුළ ඉවන්කා ට්‍රම්ප් මහත්මිය ලෝක බැංකු නායකත්වය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති අතර සෘජු අත්දැකීම් නොමැතිවීම නිසා ඇය මෙම තනතුර සඳහා සුදුසුද යන්න පිළිබඳ මතභේද ඉදිරිපත් වී ඇත.
(63226)
COMMENTS
මේකත් සුමනදාස ලංකා බැංකුවට මහින්ද රාජපක්ෂ පත්කෙරුවා වගේද දන්නේ නැහැ
ඒ කියන්නේ ලෝක බැංකුවත් දේශපාලනීකරණය වෙලා. මෙවෙනි තනතුරකට කොතරම් අධ්‍යාපන සුදුසුකමක් වගේම පළපුරුද්දක් තිබිය යුතුද? ඇමෙරිකාව ලංකාවට වඩා මෙවැනි වැඩ වලට දුසිතයි වගේ. මොනවා වුනත් ශ්‍රී ලංකා මහ බැංකුවට ගන්නේ විශ්ව විද්‍යාලවල උපරිම මෙරිට් තියෙන උපාධිධාරීන්.
මේක නම් අර අර්ජුන් මහේන්ද්‍රන් අපේ මහා බැංකුවට දාපු එකේ අනික.