IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජ’පුර සිසුවා ගැන විමර්ශන

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති  උත්සවයකදී  සිසුවකුගේ  හිසේ ටයරයක් වැදී  බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මිරිහාන අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් වීසි කළ  බව කියන ටයරයක්  හිසේ වැදීමෙන් බරපතල තුවාල වූ  පසිදු හිරුෂාන් (20) නැමැති  සිසුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.  

සිසුවාගේ මොළයට හානි වී, අභ්‍යන්තර රුධිර වහනයක්ද වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ගිලන් රථයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මිරිහාන පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට ද කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජ’පුර සිසුවා ගැන විමර්ශන

lalith Tuesday, 10 March 2020 09:33 AM

දැනට වසර 5කට පෙර නැවත වරක් නවක වදය පටන් ගැනීමට ඉඩ සලසා දුන් අයට මේ සඳහා දඩුවම් කළ යුතුයි.

:       90       148

අබිලින් Tuesday, 10 March 2020 09:51 AM

විමර්ශන කෙසේ සිදුවුවත් සිසුවාට සාධාරණයක් වේද සැකයි. එය සාධාරණ වුවත් අසාධාරණව සිදුවුවත් ස්වභාව ධර්මයා මෙවැනි වැරදි කරන්නන්ටත් එයට අනුබල දෙන්නන්ටත් වැරදිකරුවන් බේරාගැනීමට උදව්කරන්නන්ටත් සදාකල්හිම දඬවම් කරාව්.

:       0       84

RaveendraTuesday, 10 March 2020 12:27 PM

සහතික ඇත්ත. මේ සදහා නන් අයුරින් දායක උණු ඒ සුපින්වතුන් මෙලොවදී තම ජිවිත කාලයේදීම ඒ සදහා අදාළ ත්‍යාග ලබා ගන්නවා ඇත. මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම අපගේ මෙම අදහස්වලට විරුද්ධ වනු ඇත. නමුත් රටේ අනාගත පරපුරේ මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් අන්තරේ ඉන්නා සියලුම මෘගයින්ට ඇඩ්රස් නැති වෙන්නම දිය යුතුය. එය සමාජයට කරනා "වටිනා ආයෝජනයකි ". ( රන්ජන් විජේරත්න නමැති ඒ අභීත සෙන්පතියා අප ඉතාම ආදරයෙන් සිහිපත් කරන්නෙමු). සමාජයකට අහිතකර විෂබිජා "සහමුලින් මරා දැමිය" යුතුය. මෙම සියලුම සිදුවීම් වලට ඍජුවම දියවන්නඔයේ ඉන්න ගොන් කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයන් වගකිව යුතු බව අවංකව සිතීමට මෙන්ම මොලය කළදක් හෝ තිබෙන පුරවැසියකුට ඉතාම පහසුවෙන් තේරුම් යන කාරණයකි. විජේවීර උන්නැහේ මේ මොහොතේ ජීවත්ව හිටියා නම් ගොන් කළුකුමාර නඩේට පයින් ගසා එළවා දමුනු නියතය.

:       0       56

පිටිගල මිලානෝ Tuesday, 10 March 2020 10:25 AM

මෙය අමු මිනීමැරුමකි. බේබද්දෝ සහ නවකවදකාරයෝ සමග රෑ එක පමණ වෙනකල් අමාරුවෙන් ඉඳලා නිදාගන්න යනකොට ඒ තරහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ මිනීමරුවන්ව අල්ලා පෝරකයට යවන්න. මේ ළමයා අම්මාගේ මරණය වෙලාවේ තමයි ඒ ලෙවල් කරලා තියෙන්නේ. මෙයාට ඒ තුනක් තියනවා. තාත්තා අහිංසක ගොවියෙක්.

:       0       74

sanath Tuesday, 10 March 2020 10:44 AM

ඔක්කොම උනාට පස්සේ විමර්ශන. ඔය තමා මේ නවකවදකයින්ට මීට පෙර නිසි දඬුවම් නොදීමේ ප්‍රතිපල.

:       0       13

Laal Tuesday, 10 March 2020 11:33 AM

දියුණුයි කිව්වට, බෞද්ධ රටක් කිව්වට අපි තාමත් වනන්තරේ. හැමෝටම තියෙන්නේ පරපිඩක මානසිකත්වයක්.

:       0       8

Asanka Tuesday, 10 March 2020 11:39 AM

උසස් පෙළ ලියන කාලයේ අම්මත් නැතිවුණා. අහිංසක තරුණ දරුවෙක්. මේක පැහැදිලිවම මිනීමැරීමට තැත් කිරීමක්. මහා ලොකු සක්කිලි ජ්‍යෙෂ්ටයින්ගේ බලකිරීම් වලට එකග නොවීමේ ප්‍රතිඵලය මරණයද ? මිට හපන් උපකුලපති මේකෙන් ඇග බේරගන්න, තමන්ගේ හැකියාවන් පෙන්නන්න ලිස්ට් එකට පැනගන්න ලිස්සලා යන උත්තර දෙන අපුරුව දැක්කම. මේ දරුවාගේ පියාම කියනවා පුටු රැකගන්න වගකිවයුත්තෝ සද්ද නැතුව ඉන්නවා කියලා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජනතාවට පාතාලයේ පිහිට පතන්න වෙන්නේ මේ අවස්ථාවල.

:       0       27

Walter White Tuesday, 10 March 2020 11:49 AM

ජපුරේ අයට පිස්සු, කලින් කම්පියුටර් එකකින් ගහලා ඔලුව තලලා මැරුවා. පිහියෙන් ඇනලත් මැරුවා. ටැමිල් ෆිල්ම් බලනවා වැඩියිද කොහෙද ?

:       0       8

Bamunuarachchi Tuesday, 10 March 2020 01:39 PM

අගතියට පත් දරුවාගේ දෙමව්පියනි, ඔබලා තීරණයක් ගන්න. මගේ දරුවෙකුට වුනා නම් පොලිසියට කරන්න දෙයක් මම ඉතුරු කරන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1326 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site