ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 80ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
නියමිත මගීන් සංඛ්‍යාවට වඩා අධික මගීන් ප්‍රමාණයක් රැගෙන යාම හේතුවෙන් මෙම යාත්‍රාව ගිලා බැස ඇතැයි වාර්තා වේ.
අනතරට ලක් වූ මගී ප්‍රවාහන යාත්‍රාවේ ගමන්ගත් මගීන් බොහෝදෙනෙකු කාන්තාවන් සහ කුඩා ළමුන් බව මොසුල්හි මහජන ආරක්ෂක අධිකාරිය පවසයි.
මගීන් 50ක් ගෙන යා හැකි මෙම මගී යාත්‍රාවේ මගීන් 250ක් පමණ සිටි බවද බලධාරීහු පවසති.
මගීන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකවෙමින් පවතින බවද මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලා දෙවියනේ ඔබ කොහිද ?????