(හේමලතා ඩී. හේවගේ)
පන්නල - මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
මෙම සුළං තත්වයෙන් කොම්පෝස්ට් අංගනයේ සේවකයන් 4 දෙනෙකු තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී තිබිණි.
කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50 ක පමණ හානියක් සහ සතිපොළ භූමියට ලක්ෂ 30 ක පමණ හානියක් සිදුව ඇතිබව පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා පැවසීය.
මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවද පන්නල ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.






2025 දෙසැම්බර් මස 04
33
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි
Kumar Monday, 16 September 2019 05:07 PM
ටොනේඩෝ කියන්නේ සුළි සුළඟකටයි. සුලන් කැරකී වැහිබිඳු අහසේ ඉහළට ගොස් මිදී ආපසු වැටෙනවා. ඒ වැස්ස අයිස් කැට වශයෙන් වැටෙනවා. ඉන්පසුව සුළිසුළඟ එන්නේ. තද සුළඟක්ද, සුළි සුළඟක්ද හැමුවේ...?