IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි

(හේමලතා ඩී. හේවගේ)   
                                            
පන්නල - මාකඳුර නගරයේ  අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20  ක්,  සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
                                                                      
මෙම සුළං තත්වයෙන් කොම්පෝස්ට් අංගනයේ සේවකයන් 4 දෙනෙකු තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
 
නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී තිබිණි.
                                                          
කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50 ක පමණ හානියක් සහ සතිපොළ භූමියට ලක්ෂ 30 ක පමණ හානියක් සිදුව ඇතිබව පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා පැවසීය.
                                                                            
මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවද පන්නල ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි

Kumar Monday, 16 September 2019 05:07 PM

ටොනේඩෝ කියන්නේ සුළි සුළඟකටයි. සුලන් කැරකී වැහිබිඳු අහසේ ඉහළට ගොස් මිදී ආපසු වැටෙනවා. ඒ වැස්ස අයිස් කැට වශයෙන් වැටෙනවා. ඉන්පසුව සුළිසුළඟ එන්නේ. තද සුළඟක්ද, සුළි සුළඟක්ද හැමුවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 20 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site