(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට එම සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිත හමුවක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(11) පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් දෙමළ ජාතික සන්ධානයට වඩාත් විශ්වාසය තැබිය හැකි පුද්ගලයාට ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් නරින් , හිවලුන් මස් රාත්තලම ගන්නනේ බලන්නේ . හැබැයි ඔයකියන මහා පක්ෂවල "එකෙක්වත්" තම තමන් ඒ ඒ හිවලුන්, නරින් සමග " හා අපි සියල්ල දෙන්නම් " කියල අත්සන් කල ඒ එක ලියවිල්ලක්වත් ඇයි ප්‍රසිද්ධ නොකළේ මහජනතාවට දැනගැනුමට යන්න ගැටලුවකි. ඔය කෑ මොරදෙන සියලුම අයට අප අබියෝග කරනවා පුලුවන්නම් අත්සන් කල ඒ ගිවිසුම් මහජනතාවට එළිකරන ලෙස.
අහන්න දෙයක් නැහැ යුඑන්පි යට
සජිත් දැනට මත් ෙපාෙරාන්දු වෙලා ඉවරයි ඉල්ලන දේ ගෙඩිය පිටින් දෙන්න. ඒක දැක්කා රණ විරු ගාය කතාව දවසේ.