(ඩයනා උදයංගනී)
රටතුළ යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව එහි ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
කතෝලිකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන්ට 2017 වසරේ දී පැවසූ බව ඥාණසාර හිමි ප්‍රකාශ කර ඇතත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.
ඥානසාර හිමියන් කාදිනල්තුමා හට කිසිඳු අවස්ථාවක එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර නොතිබූ බව ද පියතුමෝ කීහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ මේ බව පැවසුවේ කොළඹ අගදරගුරු මැදුරේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ
ඥානසාර හාමුදුරුවෝ කියන්නේ අපේ සර්ගේ දකුණු අත .පරීක්ෂණයක් කරයි .බලාගෙන ඉන්න
හාමුදුරුවන්ගේ කතාව පොඩි කොන්ත්‍රාත්තුවක් වගේ. පියතුමන්ලා කෙලින් ඉන්න එක හරි ආදර්ශයක්
ඔය අන්තවාදී කල්ලි එකම කාසියක දෙපැත්තක්. කාසිය හිමිකරුවා එක් කෙනෙක්. අනික මේ ස්වාමින් වහන්සේ හෙළිකරන මේ කාරණය ගැන බුද්ධි අංශය දැනුවත් නැතිද? සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවක් රට තුල සිදු වෙනවා නම් ඒ ගැන රහසින් විමර්ශනය කොට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමයි. එත්, මේක නම් හරිම අමුතුයි. අනාගත සැලසුමක් ප්‍රසිද්ධයේ කියනවා වගේ වැඩක්. කොහොමත්, පෙර පරිදිම බලය වෙනුවෙන් නුදුරු අනාගතයේදී, බෝම්බ පත්තු වේවි. ඒ බෝම්බ වලට චන්දත් වැටෙයි. වඳ කොත්තු කාලා, වඳ බ්‍රශියරුත් ඇඳගෙන, දොස්තර සාෆිගෙන් ඔපරේෂන් එකකුත් කරගෙන, නයි නැටුනුත් නරඹලාම රැලට ගිහින් චන්දෙ දාපු බහුතරයනේ ලංකාවේ ඉන්නේ
ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය අනුව ටිකක් කල්පනාකාරීව ඉන්න එක හොඳයි කියල අපිට ත් හිතෙනවා .
ඥානසාර හිමි පමණක් නොවෙයි අපිත් කියනවා අනාගතේ තවත් ප්‍රහාර එනවා කියලා. ඒ දිවැස් බලලා නොවෙයි ලෝක ඉතිහාසය කියවලා.
කිව්වදේ තේරුම් ගන්නත් පණ්ඩිතයෙක් වෙන්න ඕනේ නැහැ. මොලේ කලඳක් තිබෙනවා නම් තේරුම් ගන්න හොඳට පුළුවන්.