IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


”ඤාණම්‘‘ පදනමේ ගණකාධිකාරි, බිරියට විවෘත වරෙන්තු

(නිමන්ති රණසිංහ)

බ්‍රිතාන්‍යයේ ‘ලයිකා’ පදනම විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ සුබසාධනය සඳහා ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලක් සාපරාධි පරිහරණය කර විදේසයකට පලා ගොස් සිටින මෙරට රාජ්‍ය නොවන සංවිධානයක ගණකාධිවරයකු සහ ඔහුගේ බිරිද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතා අද (17) විවෘත වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව, එම සැකකරුවන් සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවලට අදාළ රතු නිවේදන ජාත්‍යන්තර පොලීසියට යොමු කර අදාළ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කළේය.

මෙලෙස වරෙන්තු නිකුත් වූයේ මෙරට පිහිටි ”ඤාණම් පදනම” නමැතී රාජ්‍ය නොවන සංවිධානයේ ගණකාධිකාරිවරයා වන බාලසිංහම් රාජශංකර් සහ ඔහුගේ බිරිඳ වන උමා රාජශංකර් යන අයවලුන්ටය.

 



අදහස් (3)

”ඤාණම්‘‘ පදනමේ ගණකාධිකාරි, බිරියට විවෘත වරෙන්තු

සමරේ Friday, 17 September 2021 08:58 PM

ලයිකා මොබයිල් සමාගම කොටින්ගේ... ඔවුන් ලංකාවට මුදල් එවන්නේ ඇයි කියලා හොයලා බලන්න...

:       2       61

Asoka gunasekara Saturday, 18 September 2021 08:07 AM

කොහේහරි දේශපාලන රැකවරණ ඉල්ලලා ඇති.

:       0       1

sam Saturday, 18 September 2021 10:16 AM

ඕවා මොනවද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ ඔයිට වඩා හොරා කාලා තවම ජනතාව නොමග යවමින් බලේ වැජබිලා ඉන්න දේශපාලුවෝ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site