IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජේ.පී.ආර්. කරුණාරත්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇත.

හෙතෙම ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධිය ලබාගෙන ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන ඇත.

හෙතෙම එක්සත් රාජධානියේ වරලත් කළමනාකාර ගණකාධීකාරීවරුන්ගේ සංගමයේ (CIMA) හී ආදී විද්‍යාර්ථියකු වන අතර ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකි.

මීට පෙර එම තනතුර හෙබවූයේ ශ්‍රී ලංකා මහ බැංකුව, සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය යි. ඇය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම තනතුර හෙබවූවා ය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස මාස 34ක කාලයක් ද මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක් තනතුරු හොබවා ඇත.

ශ්‍රී ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරී, වගකීම් යනාදිය කළමනාකාරීත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ, හා අවශ්‍යතාවලට අනුව කලින් කලට වෙනස්වන බවත් එම බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නිලධාරීන් කලින් කලට මාරු කිරීමත් වෙනත් රාජකාරී පැවැරීමත්  මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලනය පවත්වා ගැනීමටත්  නිසියාකාරව පවත්වාගෙන යෑමටත් අත්‍යවශ්‍ය අංග බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.



අදහස් (3)

ජේ.පී.ආර්. කරුණාරත්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කරයි

Perera Wednesday, 22 September 2021 12:11 AM

තමන්ට ඕන විදිහට වැඩ කරන්න තමන්ට ඕන මිනිස්සුන්ව එපැය දාගන්න

:       0       1

ලුම්බිණි Wednesday, 22 September 2021 06:15 AM

කබ්රාල් උන්නැහේ වැඩ පටන් අරගෙන එහෙනම්.

:       0       1

Porolis Appuhamy - Kaduwela Wednesday, 22 September 2021 08:45 AM

ඔබතුමාගේ සුදුසුකම් ඉහිලින්ම අගයනවා. හිත රිදවීම් ගණන් ගන්නේ නැ නේද? කලකිරිලා දාලා යන්නේ නැහැ නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site