IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එලේස නියම කළේය.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥවරයා අධිකරණය අමතමින්  ලබන 26 වැනි දා නිලවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇද්දැයි  තම සේවාදායකයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළ විට එදින නිලවරණය පැවැත්වීමට නුසුදුසු බව ඔහු දැනුම් දීම නිසා එදින නිලවරණය නොපැවැත්වෙන බව දැනුම් දුන්නේය



අදහස් (4)

ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ

Praba Monday, 21 June 2021 09:55 PM

රනිල්ට වඩා කාලයක් ඔය සභාපතිතුමා ලොකු පුටුව බදාගෙන හිටියා මගෙ හිතේ. එජාපය එකට වෙච්චි දේම තමා GMOA එකටත් වුනේ...

:       3       513

siripala Monday, 21 June 2021 10:23 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහෝසි කළ යුතු වෙයි...

:       0       512

SankaTuesday, 22 June 2021 07:24 AM

ඔයාගේ කතාව සහතික ඇත්ත. GMOA එක කොරෝනා සම්බන්ධයෙන් කාලෙකට රජයට බනිනවා. ආයේ වාසිවෙනකොට හොඳ කියනවා. අපි පෙරේදා දැක්කා කොරෝනා කමිටුවේදී ඔය සභාපතිතුමා මාෆියාවක් ගැන කියලා මුළු කමිටුවම හෑල්ලුවට ලක් කළා. පණ්ඩිතකම වැඩි වුණාම උගත්කමත් බල්ලාට යනවානේ. අපිට මතකයි මේ ගොල්ලෝ ඉස්සර වෘත්තිය ක්‍රියාමාර්ග කියලා අසරණ ලෙඩ්ඩු බිල්ලට දීලා රටේ කරපු විනාසේ...

:       0       0

ලුම්බිණි Tuesday, 22 June 2021 05:45 AM

මේක ආත්මාර්ථකාමී අවස්ථාවාදී සංගමයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site