IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ජවිපෙ - ජානිපෙ ඡන්දය අයවැයට විරුද්ධව

බිඟුන් මේනක ගමගේ 
 
අයවැය තෙවැනි වර කියවීමේදී හෙට(5) ඊට එරෙහිව සිය පක්ෂය ඡන්දය පාවිච්චි කරන බව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ පවසයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදයශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරු ඒ බව සහතික කළහ.
 
2019 සමස්ත වියදම රුපියල් බිලියන 4500 න් 50%ක්ම වෙන්කර තිබෙන්නේ ආණ්ඩුව ලබාගත්ත ණය පොලී වාරිකය ගෙවීමට යැයි ද ආණ්ඩුවේ මේ වසරේ ඇත්ත වියදම ඉතිරි 50% යැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
 
රජයේ සියලුම සේවා ගාස්තුවලට 15%ක බදු වැඩිවීමක් සිදුකිරීමෙන් 2019 දී ඒක පුද්ගල බදු බර රු. 60, 704 ක් බවට වැඩිවනු ඇතැයි ද එය පසුගිය වසරේ ඒක පුද්ගල බදු බරට වඩා රු. 11,000කින් වැඩිවීමක් යැයි ද වෛද්‍ය ජයතිස්ස මහතා සඳහන් කළේය. 
 
ආණ්ඩුව ගෙනා අයවැය රටේ ප්‍රගතියට කිසිදු ආකාරයකින් හේතු නොවන්නේ යැයි ද මේ රටේ ජනතාව පෙළන ආර්ථික ප්‍රශ්නවලට එයින් විසඳුම් නොලැබෙන්නේ යැයි ද ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා කීය.
 
රට තවදුරටත් ණය කර ජනතාව ඇස් බැන්ඳුමකට ලක් කරන විජ්ජාවන්වලින් අයවැය පිරී ඇතැයි ද එයින් කියවෙන්නේ ආණ්ඩුවට තවදුරටත් රට කරවිය නොහැකි බව යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

ජවිපෙ - ජානිපෙ ඡන්දය අයවැයට විරුද්ධව

sirimal Thursday, 04 April 2019 11:57 AM

වැඩක් කරන කෙනෙකුට ඒක කරන්න දෙන්නෙත් නැහැ, ඒගොල්ලෝ කියන කිසි වැඩක් කරන්න කවදාවත් ඒගොල්ලන්ට අවස්තාවක් ලැබෙන්නෙත් නැහැ. ඕක තමයි ජනතා විමුක්ති කට්ටියගේ සදාකාලික ශාපය. කල්ප විනාශයක් එනකල්ම හැම දේකටම වෙට්ටු දම දමා ඉන්න තමයි වෙන්නේ.

:       404       316

Chris Thursday, 04 April 2019 08:11 PM

මේ අයවැයේ මොකක්හරි හොඳක් ඇති

:       65       2

BamunuarachchiSaturday, 06 April 2019 08:25 AM

මුස්ලිම්වරුන්ටයි, දෙමළුන්ටයි බැංකු මංකොල්ල කාරයින්ට බොහොම හොඳයිලු...

:       0       0

Bamunuarachchi Sunday, 07 April 2019 11:10 AM

මුස්ලිම්වරු? කව්ද බොල... අපි නම් කියන්නේ හම්බයෝ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 262 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 750 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site