බිඟුන් මේනක ගමගේ
ජනතා විමුක්ති පෙරමුණ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) පැවැත්වීමට නියමිතය.
විධායක ජනාධිපති ධූරය සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.
මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රගතිය වාර්තා කිරීම පිණිස !!!!!
ගිය සතියේ ජවිපෙ මහින්දත් එක්ක සාකච්චා කරද්දී සද්ද නැතුව හිටිය අය දැන් ඉතින් මෙතන ලොකුවට අදහස් දායි රතු අලි ගැන කිය කියා.
කෝ මේ බමුණා. රවින්ද්‍ර, ලපයා, දයාවතී??
අනිත් පැත්තෙන් එන කෙනා ස්ථිර උනාට පස්සේ ආයෙත් මේගොල්ලන්ට ජැක් ගහන්නද කල්පනාව?
ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා.
නිතර එකට ඉන්න එකේ ඕක විශේෂයෙන් සාකච්චා කරන්න දෙයක් තිබේද?
දැන් ඉතින් වැලේ වැල් නැතිව ඉන්න නිසා කොහෙන් හරි මුක්කුවක් ගහන්න වෙන්නැති . බැන බැන කෑ ගහනවා, නැති නම් කොළ මිටියක් අරන් ගණන් හදනවා හැම කෙනාගේම අයවැය හොයා හොයා .
මහින්ද මහතා නම් කැමති උනේ නැත. රනිල් නම් උඩින් කැමතිවේවි මොකද එයාට සසර වසන තුරු ජනාධිපතිකම සිහිනයක් නිසා.
බටලන්ද ගැනද