(ජයන්ත සමරකෝන්)
මෙම මස 17 දාට පෙර දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් සඳහා පමණක් හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා ලබන මහ මැතිවරණයට පෙර හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම 29 දක්වා ලැබෙන ඉල්ලුම්පත වෙනුවට තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලබාදෙන බවද එය මැතිවරණයේ දී ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන ඇතුළත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම 29 දිනෙන් පසු ලැබෙන ඉල්ලුම්පත් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් තාවකාලික හැඳුනුම්පතක් ලබාගත යුතු බවද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
COMMENTS
ජූලි 17 ට පෙර... පත්තරේ පලවෙන දවස අද අගෝස්තු 3. ඡන්දය 5. ඉතින් ප්‍රමාද වෙලා දාන්නේ ඇයි?