IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහිකවීරරත්න)

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී  නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මහා භාණ්ඩාගාරය එම ව්‍යාපෘතියට අවශ්‍ය ඩී.අයි පයිප්ප සහ උපාංග ගෙන්වීමේ කාර්යය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවරා තිබූ අතර එම මණ්ඩලය එම කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ටර්නැෂනල්  ආයතනයට ලබාදී තිබිණැයි ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

එම භාණ්ඩ බදු නොගෙවා ගුදම් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා රේගු සටහන් කර 8ක් නිකුත් කර ඇතැයි කියන කමිටුව භාණ්ඩ ගුදම්කර වටිනාකම ඇමෙරිකා ඩොලර් 5139621ක් නමුත් එම භාණ්ඩ ගුදමෙන් නිදහස් කර ගැනීමේදී දේශීයව සැකසූ ඉන්ඩෙයිස් භාවිත කර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් 6350364ක් ලෙස දක්වා ව්‍යාජ තොරතුරු සටහන්කර ඇමෙරිකා ඩොලර් 1207598ක මුදලක් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා ගැනීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානයට යොමු විය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශීය මෙන්ම දේශීය මුදල් ද අයාථ ලෙස ලබාගෙන තිබියදී ශ්‍රී ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය.

මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගුඅධ්‍යක්ෂ ජනරාල්වරයි මෙහිදි සඳහන් කළේය



අදහස් (6)

ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 March 2021 12:57 AM

"හොර මැර වංචාව පිරිලා සතර අතේ ... ඉහළ සිටම පහළට එය ගලනු ඇතේ ... ඉහළ හොරුන් සැම තැනකම නිදොස් වෙතේ ... පහළ එවුන් ගැන පමණක් සොයනු ඇතේ ... "

:       0       0

bandula Monday, 15 March 2021 03:42 AM

කජු ඇටද? කොස් ඇටද?

:       0       0

janabala asamagi Monday, 15 March 2021 03:42 AM

ගෝල්ඩන් කී ආයතනයේ තිබෙන ජල සම්පාදන එක ඉංජිනේරුවන්ගේ මිලියන 21.. මේවායෙන් උපයාගත් මුදල් තම විධායකයේ වත්කම් පරීක්ෂා කළොත් ඔක්කොම එළිවෙනවා.

:       0       0

sharm warn Monday, 15 March 2021 03:56 AM

අපෝ... ඉතින් මේක විතරද මේ රටේ බහිරවයා ගිල්ලේ සහ ගිලින්නේ..? චීන බහිරවයෙකුයි, ඉන්දියන් බහිරවයෙකුයි රටේ ඉඩම් ගිලගෙන ගිලගෙන යන්නේ ඔය ඇස් ඉස්සරහා පිටම... මොකෝ රටේ ඉන්න බූරුවන්ට වගේ වගක් තියෙනවා කියලද?

:       0       0

jagath Monday, 15 March 2021 04:27 AM

නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.... "ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදි සඳහන් කළේය..."

:       0       0

Purawesiya Monday, 15 March 2021 04:38 AM

මෙම ආයතනය බිස්නස් ගනුදෙණු වලදී හරිම කුප්‍රකට විදිහට මීට පෙර නොයෙකුත් අවස්ථාවලදී හැසිරී තිබෙනවා නේද? මෙවර මෙයා එළියට ආවේ කාට හෝ දෙන්න පොරොන්දු වූ කොමිෂන් එකක් නොදුන් නිසාද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ලොරි මාරයාට බිලි වූ කථිකාචාර්ය සුරංගනාවිය
2024 පෙබරවාරි මස 20 7000 1

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇත


බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ
2024 පෙබරවාරි මස 20 583 0

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලි


කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම
2024 පෙබරවාරි මස 19 4255 5

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝා


කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක්
2024 පෙබරවාරි මස 19 3745 12

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක්


දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට
2024 පෙබරවාරි මස 18 2182 1

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආ


සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා
2024 පෙබරවාරි මස 18 1525 1

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 123 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 244 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site