(යොහාන් භාසුර)
ජල බිල්පත පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් එය සෘජුවම මනු සටහන්කරුගෙන් විමසීමෙන් තොරව 1939 ක්ෂණික දුරකථනයට ඇමතීමෙන් හෝ බිල්පතේ ගිණුම් අංකය 0719399999 අංකයට කෙටි පණිවිඩයක් ලෙස යොමු කිරීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකරු (සාමූහික සන්නිවේදන) සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා පවසයි.
කොවිඩ් අවදානම හේතුවෙන් මනු සටහන්කරන්නාගේ කාර්යට ඉඩදී මීටර දෙකක් දුරින් සිටින ලෙසත් නිරෝධායනය වන නිවාස ඇතුළු හැකි සෑම විටම සෙසු නිවාසවල ද ජල මනුවේ වත්මන් කියවීමේ සටහනක් ගේට්ටුවේ තබන ලෙසත් ජාතික ජලසම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.
බිල්පත තැබීමට නිවස ඉදිරිපිට සුදුසු ස්ථානයක් සකස් කරන ලෙස සහ බිල්පත ලබාගැනීමට කුඩා ළමුන් යොමු කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටින ජාතික ජලසම්පාදන මණ්ඩලය භඋීෘඊ ඇප් එක හරහා ද මනු කියවීම ලබාගත හැකි බව ද සඳහන් කරයි.
COMMENTS
ඔය අංකයට ඇමතුම් දීලා දැනට මාසයකටත් වැඩියි. කිසිම වැඩක් කලේ නැහැ;
අමු හොරු ... බොරු බිල් දාලා වංචා කරනවා.